saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 8054 hours ago

LATEST

මහ කන්නයට පොහොර හිඟයකින් තොරව

calendar_today 2020 සැප් 08 - 22:00 remove_red_eye - 276  

මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.

උතුරු, දකුණු සහ නැගෙනහිර නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් පසුගිය සතිය තුල ක්‍රියාත්මක කෙරිණි.

Read More

නිල චිකිත්සක වෛද්‍යවරයකු ලෙස පෙනි සිටිමින් විවිධ පුද්ගලයන්ට වෛද්‍ය උපදෙස් ලබා දුන් ව්‍යාජ වෛද්‍යවරයකු 08වන දින හැටන් මුලස්ථාන පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් 2020.09.07 දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් පස්දෙනෙක් හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3131 දක්වා ඉහල ගොස් ඇත.

Read More

කොවිඩ් තත්ත්වයෙන් පසු දිවයිනේ සියලුම පාසල් 1-13 ශ්‍රේණි දක්වා අද (08) සිට විවෘත කිරිම සිදුවු අතර ඊට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට යටත්ව සියලු පාසල් පැවැත්වීමට හා ඊට සමගාමීව පාසල් තුළ දිවා ආහාර වැඩසටහන සහ පාසල් ආපනශාලා පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇත.

Read More

වව්නියාව පම්පමඩුව යුද හමුදාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 154 දෙනෙකු අද (08) දින නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීමෙන් පසුව නිවෙස් වෙතට රැගෙන යාමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

Read More

පුත්තලම පුලිදිවාසල් ප්‍රදේශයෙදි කේරල ගංජා කිලෝ 68ක් අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම්ස් 36 ක් සමග සුඛෝපභෝගි වාහන දෙකක් හා සැකකරුවන් දෙදෙනෙකු (08) වන දින සවස අත්අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.

Read More

මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 3126 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ජනතාවගේ ඉඩම් ගැටලු කඩිනමින් නිරාකරණය කිරිමත් , නව ව්‍යවසායකයින් ලක්ෂයකට ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදිමේ වැඩසටහන කඩිනමින් සිදු කරන බවත් ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපල රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

Read More

වසර හයක් තිස්සේ අධිකරණය මග හරිමින් සිටි සැකකරුවකු අද (08) පස්වරුවේ දි අකුරැස්ස ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් හිනිදුම පොලිසිය පවසයි.

Read More

(නවතම ඡායාරූප)ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතී. දෙවැනි ගින්න ඊයේ ඇති වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය වෙරළාරක්ෂක බළකාය එක්ව ගින්න නිවීමේ කටයුතු සිදුකරමින් පවතී.

Read More

නාවික හමුදාව විසින් පසුගිය දිනයන්හි සිදු කල විශේෂ මෙහෙයුම් මගින් මුලතිවු උදයාර්කට්ටු ප්‍රදේශයේ සහ මහවැලි ග‍ඟෙහි කටුගස්තොට කහල්ල ප්‍රදේශයේ වැලි කැණීම් සිදු කරනු ලබන ස්ථානයක තිබී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනීමට සමත්විය.

Read More

මට දිවුරලා කියන්න පුළුවන් මම දේශපාලන වශයෙන් මගේ අත්වල ලේ හෝ කුණු ගාගෙන නෑ. දේශපාලනයේදී බහින් බස් වීම වෙන්න පුළුවන්.

Read More

නාවික හමුදාව පුත්තලම කුරින්නම්වෙට්ටේ ප්‍රදේශයේ, ත්‍රිකුණාමලය බස්නැවතුම්පල අසල ප්‍රදේශයේ සහ සීදුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12කට අධික තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 59 හැවිරිදි උපපොලිස් පරීක්ෂකවරයෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.

Read More

පාර්ලිමේන්තුවේ ආහාර වේල වෙනුවෙන් පරිප්පු ව්‍යාංජනය වෙනුවනට බඩ ඉරිඟු ලබාදීමට තමන් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පැවැසීය.

Read More

සැප්තැම්බර් මස අවසානය වනවිට ඉතාලියේ සීත සෘතු ඉන්ෆ්ලුඑන්සා සඳහා එන්නත් මිලියන 17ක් සුදානම් කර ඇති බවත් වසර අවසානය වන විට ඉතාලි පර්යේෂකයන් විසින් කොවිඩ් 19 සඳහා එන්නතක් සොය ගන්නා බවට සුභවාදි බලාපොරොත්තුවක සිටින බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබැර්තෝ ස්පෙරන්සා මහතා ඊයේ (07) පැවසීය

Read More

මීගහකිවුල කෙසෙල්වත්ත ගම්මානයේ , ගසක් කපන දෙස බලාගෙන සිටි 11 හැවිරිදි ළමයෙක් එම ගසට යටවී (8) දා දහවල් මියගොස් ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි .

Read More

ජනාධිපති බලතල සීමා කිරීම නිසා ඇතිවූ ගැටලු පසුගිය යහපාලන ආණ්ඩු සමයේ පැහැදිලිව දක්නට ලැබුණු බවත් ජනපති කියන දේ අගමැති නොකිරීමත් අගමැති කියන දේ ජනපති නොකිරීම නිසාත් පසුගිය ආණ්ඩු සමයේ රටට වූ විනාශය යළිත් අපි ළං කර නොගත යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පැවසුහ .

Read More

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සංචාරයකට අද (08) එක් විය. අධිකාරියේ ඉදිරි කටයුතු සහ වත්මන් තත්ත්වය පිළිබඳ මෙහි දී කරුණු සාකච්ඡා කෙරිණි.

Read More

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ හානිවු නිවාස පිළිබද හානි තක්සේරු කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් හදුන්වා දී ඇති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වන ගුවන් තොටුපළවල් පවත්වා ගෙන යන බවට වූ ගුවන් ආරක්ෂක සේවා සැපයුම් බලපත්‍රය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ප්‍රථම වතාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම වෙත කටුනායක ශ්‍රී සිවිල් ගුවන් සේවා අධිකාරියේ 5 වැනි මහලේ ’’ කෝකිල ’’ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී පිරිනැමීම සිදු විය .

Read More

පරණ මූණු නැගිටින්න එකින් එක කියන්නම්. අලුත් මූණු ගැන වැඩක් නෑ. අලුත් මූණු මතක නෑ.ඉස්සරහ ඉන්නෙත් ආණ්ඩුව පිටිපස්සේ ඉන්නෙත් ආණ්ඩුව ඒක දැනගෙන තමයි නැගිටින්නෙ

Read More

දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපලට ප්‍රවාහනය කිරීමේදී කටුනායක සහ මත්තල ගුවන් තොටුපල වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස යාවත්කාලීන වි නොමැති බවත් විශේෂයෙන්ම ගුවන් මගින් භාණ්ඩ අපනයන කිරීමේදී දැනට සිදුවන ප්‍රමාදයන් සකස් කර විධිමත් නව ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්,සියලු අපනයන කටයුතු වලදී අවශ්‍ය අවසරපත් එකම ස්ථානයකින් ලබා ගැනීමටත් අවශ්‍ය පියවර ගන්නේයැයි ගුවන්තොටුපල හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි.

Read More

මරණ දඬුවම නියම වී ඇති ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට විරෝධය දක්වමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සභා ගැබෙන් ඉවත්ව ගියේය.

Read More

බිරිඳ මහියංගනයෙ මහගෙදර ගිය අවස්ථාවේදී බාල වයස්කාර දැරියන් තිදෙනාට බරපතළ ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙක් (8) අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි .

Read More

බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මීට සුළු මොහොතකට පෙර විපක්ෂයේ විරෝධතා මද්‍යයේ කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

බිබිල මැදගම අළුත්වෙල පැන්පාත ගම්මානයේ අනවසරින් කැපු බව කියන තේක්ක ගස් 138ක දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පෙලිසිය කියයි.

Read More

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 9 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.