රත්නපුර දිස්ත්‍රික්කයේ කෝවිඩ් ආසාදිත ගණන 100ක් දක්වා ඉහළට
රත්නපුර දිස්ත්‍රික්කය තුල කෝවිඩ් 19 ආසාදිතයන් ගණන ඊයේ දහවල් වනවිට (100) වු බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.
මෙම ප්‍රමාණයට ඊට පෙර දිනට වඩා ආසාදිතයන් නව දෙනෙකුගේ වර්ධනයක් වන අතර එම ආසාදිතයන් නව දෙනා කිරිඇල්ල සහ අයගමින් වාර්තා වී ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දෙන්නීය.
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දාහත තුල අද වනවිට පවුල් 1668ක පුද්ගලයින් 5316 දෙනෙකු නිරෝධයනයට ලක් කර ඇත.
පොකුරු හතකට අයත් පිරිසක් මෙසේ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරිය පවසන්නීය.
විදේශ රටවල් වලින් පැමිණි පිරිසට අයත් පොකුර, බ්‍රැන්ඩික්ස් පොකුර, බොඩිලයින් පොකුර, මාලූ පොකුර, කහතුඩුව හයිඩ්රාමණී පොකුර සහ වරාය හා නැව් තඨාංග පොකුරට සහ මේ වනවිට ඊට අලූතින් හමුවී ඇති පීපල්ස් ලීසිං පොකුරට මෙම පිරිස අයත් වෙයි.
ආසාදිත පුද්ගලයින් මේ වනවිට රත්නපුර සහ කෑගල්ලේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථාන පහක් වෙත යොමුකර ඇත. ඔවුන්ගේ පවුල්වල අය සහ සමීපතම ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක්කර සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

