මාසයක පමණ කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයට පනවා තිබූ නිරෝධායන ඇදිරි නීතිය අද (9) අලුයම ඉවත් කළ පසුව ජනතාව සාමාන්‍ය වශයෙන් ගම්පහ නගරයට පැමිණියද බස් ධාවනය නිසි පරිදි නොවු ආකාරයක් දක්නට ලැබිණි.
මේ සම්බන්ධයෙන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් (2) කළමනාකාර තිලක් වීරසිංහ මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ සාමාන්‍ය වශයෙන් දෛනිකව පෞද්ගලික බස් රථ 1000 ක් පමණ ගම්පහ ප්‍රදේශයේ ධාවනය වන නමුත් අද බස් රථ 17 ක් පමණක් ධාවනය වූ බවය.
මේ අතර ලංගම බස් රථ කිහිපයක් පමණක් ධාවනය වූ ආකාරයක් දක්නට ලැබිණි.
ගම්පහ තිලකරත්න දිසානායක