ඉතාලියේ මිලාන් නුවරදි තවත් ලාංකිකයෙක් කොවිඩ් ආසාදනයෙන් මරුට
කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඉතාලියේ මිලාන් නගරයේ රැකියාව කරමින් ජිවත් වු ශ්‍රී ලාංකිකයෙක් ඊයේ(08) මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ජා ඇල ප්‍රදේශයේ පදිංචි නීල් ප්‍රනාන්දු 63 හැවිරිදි අයෙකි.
මෙයට සති 3 කට පෙර මියගිය පුද්ගලයා උණ හා කැස්ස හේතුවෙන් පවුලේ ෙවෙද්යවරයාගේ උපදෙස් මත සිදුකල PCR පරික්ෂණ වාර්තාව ධනාත්මක වු බවට ලද පණිවුඩයත් සමග ඇද වැටි ඇති වු කම්පන තත්වයත් සමග මිලාන් නිගුවර්දා රෝහලට ඇතුල් කර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (08) සවස මියගොස් ඇති බව නිගුවර්දා රෝහල් ආරංචි මාර්ග පැවසීය.
මියගිය තැනැත්තා මිලාන් නුවර දේවස්ථානයක සංක්රස්තියන් ලෙස සේවය කල අයෙකු බව ඔහුගේ හිතවතුන් සඳහන් කළේය.
ඔහුගේ අවසන් කටයුතු නිරෝධායන නීති අනුව සිදු කිරිමට නියමිත බව මිලාන් නාගරික සෞඛ්‍ය අංශය පැවසීය.
මෙයට සති 2 කට පෙරත් ඉතාලියේ මිලාන් නුවර ජිවත් වු ලාංකිකයෙක් කොවිඩ් 19 ආසාදනය වි මියගිය අතර ඊයේ(08) දිනයේදි මියගිය පුද්ගලයා ඉතාලියේ කොවිඩ් ආසාදනයෙන් මියගිය දෙවන තැනැත්තා බවට වාර්තා වේ.
චන්දන ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

