කමලා හැරිස්ගේ තේරීපත්වීම තමිල්නාඩුවට ආඩම්බරයක්ලු
එක්සත් ජනපදයේ නව උප ජනාධිපතිනිය ලෙස කමලා හැරිස් තේරීපත්වීම තමිල්නාඩුවට ආඩම්බයක් බව තමිල්නාඩු මහ ඇමති එඩප්පඩි කේ. පලනිස්වාමි පවසයි.
තමිල්නාඩු මහ ඇමති ඉරිදා උදෑසන එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් ජෝ බයිඩන්ට සහ උප ජනාධිපතිනී කමලා හැරිස් වෙත සිය සුබ පැතුම් එක්කර ඇති අතර, හැරිස් තම විශිෂ්ට ජයග්රහණයෙන් තමිල්නාඩුව ආඩම්බරයට පත්කළ බව ඔහු පැවසීය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පලනිස්වාමි පවසා සිටියේ, "එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඩන්ට මගේ හෘදයාංගම සුබ පැතුම් එකතු කරනවා. එක්සත් ජනපදයේ උප ජනාධිපතිනිය ලෙස තේරී පත්වූ ප්‍රථම කාන්තාව කමලා හැරිස් වීම ගැන මා අතිශයින් සතුටු වෙනවා. මේ විශිෂ්ට ජයග්රහණයෙන් ඇය තමිල්නාඩුව ආඩම්බරයට පත්කර තිබෙනවා." යනුවෙනි.
කමලා හැරිස්ගේ මව වන ශ්‍යාමලා ගෝපාලන් මදුරාසියේ (දැන් චෙන්නායි) සිට එක්සත් ජනපදයට සංක්‍රමණය වූ කාන්තාවකි. එක්සත් ජනපද උප ජනාධිපති ලෙස තේරී පත්වූ කමලා තමන් චෙන්නායි හි සංචාරය කිරීම ගැන කතා කර ඇති අතර, ඇගේ සීයා සමග චෙන්නායි හි එලියට් වෙරළ තීරයේ ඇවිද ගිය අතීතය සිහිපත් කර තිබේ.








popular news
-
Asintha Monday, 09 November 2020 12:38 PM
Manda Manasikathwayen saha Jathi wadayen Hith purogaththu Minissu Kottasayak.
Reply : 0 0
Deepal Nirosh Monday, 09 November 2020 01:51 PM
ගොනා හැරෙන්නේ පොල් පැගේ කන්න වගෙයි?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

