saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7396 hours ago

LATEST

ලබන සතියේදී කැබිනට් සංශෝධනයක්?

calendar_today 2021 අගෝ 11 - 12:19 remove_red_eye - 4418  

මෙහිදී ප්‍රධාන වශයෙන්ම දැනට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන පවිත්‍රා දේවිවන්නිආරච්චි මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඇය වෙනුවට වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කිරීමට නියමිත බවද ඩේලි මිරර් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

එන්නත්කරණය සඳහා යොදවා ඇත්තේ යුද හමුදා වෛද්‍ය බලකායේ පුහුණුව ලත් යුද හමුදා භට පිරිස් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කර සිටියි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 81,082 දෙනෙකු දක්වා ඉහළ යද්දී අද (11)උදෑසන වනවිට පැය 24 ක කාලය තුල ආසාදිතයින් 2000 ක් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.

Read More

පසුගිය මාසයක කාලය තුළදී කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොරෝනා ආසාදිත මරණ 69 ක් වාර්තා වී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට පැමිණි තරුණයෙකු යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කර ඇත.

Read More

රට තුළ රෝගීන් වාර්තා වීම 30%කින් සහ කොවිඩ් මරණ 48.8%කින් ඉහළ ගොස් ඇති බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා සිටියි.

Read More

ළමුන් අතර රෝගය පැතිර යෑම පසුගිය සතියේ වේගවත්ව ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානයක් වන හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් පැවැසූ බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 68 කොවිඩ් වාට්ටුවේ ප්‍රථිකාර ලබමින් සිටි කොවිඩ් රෝගියෙකු එම වාට්ටුවෙන් ඊයේ (10) දින පැනගොස් ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කළ 138 දෙනෙකු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

Read More

මෙතෙක් කොවිඩ් 19 කිසිම එන්නතක් නොගත් බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි ජනතාව වෙනුවෙන් තෙදින එන්නත්කරණය අද (11දා) සිට ආරම්භ කෙරෙයි.

Read More

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව කඩිනමින් විසඳන ලෙස බලකරමින් ඔන්යින් ඉගැන්විම් කටයුතු වලින් ගුරු සංගම් ඉවත් වි සිදු කළ ක්‍රියාමාර්ගයට අදට මාසයක් ගත වි තිබේ

Read More

බාසිලෝනා කණ්ඩායමෙන් ඉවත් වූ ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායම සමග එක්ව තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යමස සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට මි.මී 100 ඉක්මවු වැසි ඇති වේ.

Read More

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , රුසියාවේ නිෂ්පාදිත ’’ ස්පුට්නික් - V ’’ එන්නතේ තවත් මාත්‍රා 15,000 ක් අද දින අලුයම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය .

Read More

චීනය වෙනත් රටවලට ලබා දී ඇති එන්නත් මාත්‍රාවන් චීනය තුළ දේශීයව පරිපාලනය කර ඇති මාත්‍රාවන්ගෙන් 45%කටත් වඩා වැඩි බවද කියයි.

Read More

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම සමග එක්ව තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික වැඩසටහනට අනුව යමින් පුනර්ජනනීය බලශක්තිය ඉහළ නැංවීම සදහා සූර්ය පැනල සවි කිරීමේ වැඩසටහන පුළුල් කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

Read More

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන්, 2020 මාර්තු වනවිට දැඩි අගුලු දැමීම් සහ දේශසීමා වසා දැමීම තුළින් කොවිඩ්-19 දේශීය සම්ප්‍රේෂණය කිරීම සඳහා ගෝලීය ප්‍රශංසාව දිනා ගත්තාය. රට තුළ වාර්තා වී ඇත්තේ රෝගීන් 2,500ක් සහ මරණ 26ක් පමණි.

Read More

මහින්ද මහත්තයෝ තව ටික දවසක් යනකොට ජනතාවගේ හදවතින් ඔබ ඈත් වෙනවා. ඔබටයි ජනතාව සළකන්නේ. ඔබ කථා බහ නොකර ඉන්නවානම් ජනතාව ටිකෙන් ටික ඈත් වෙන ගතියක් තිබෙනවා පමණක් නෙමෙයි අනාගතයේදී රාජපක්ෂත් ජනතාවගේ හදවතින් ඈත් වෙනවා විතරක් නෙමයි අනාගතයකුත් නැතිවෙයි කියලා අපිට ඉතාම පැහැදිලිව පේනේන්.

Read More

කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇති එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන 7003 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කය තුල නිවෙස්වල රැදී සිටින හෝ සිටින ස්ථානය නොදන්නා බව අද (10) පැවති දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේදී ප්‍රකාශ විය.

Read More

අවන්හල්වලට ඇතුළු වීමට, ආගමික උත්සවවලට සහභාගී වීමට සහ ගෘහස්ථ ක්‍රීඩාවන්හි යෙදීම සඳහා මිනිසුන්ට එන්නත ලබාගෙන තිබීම හෝ සෘණාත්මක පරීක්ෂණයක් සිදුකර සෞඛ්‍ය සහතිකයක් ලබා ගැනීම ජර්මනිය තුළද අනිවාර්ය වෙයි.

Read More

ඊයේ දිනය තුළ තවත් කොවිඩ් ආසාදිත මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ.

Read More

කොළඹ මහාධිකරණය හමුවේ අද (10දා) මෙම අධිචෝදනා ගොනුකර තිබේ. නවුෆර් මව්ලවි, සජීඩ් මව්ලවි, මොහොමඩ් මිහාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ නොහොත් ගවුෆර් මාමා, මොහොමඩ් සනාස්ඩීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු පිරිසක් වෙත මෙසේ අධිචෝදනා ගොනුකර තිබේ.

Read More

එම පළාතේ දේශපාලඥයෙකු වාර්තාකරුවන්ට පැවසුවේ කැරලිකරුවන් ෆාරා නගරය අල්ලාගෙන ඇති අතර, පළාත් පොලිස් මූලස්ථානයේ සහ ආණ්ඩුකාර කාර්යාලයේ ගේට්ටු අසල තලේබාන් සටන්කරුවන් සැහැල්ලුවෙන් ගමන් කරමින් සිටින බවයි.

Read More

කොවිඩ් ආසාදිතව මේ දක්වා මියගිය අය 5222ක පිරිස අතරින් 5022 දෙනෙකු කිසිඳු කොවිඩ් මර්දන එන්නතක් ලබා නොගත් පුද්ගලයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටියි.

Read More

ජනපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් අද පෙරවරුවේදී වැඩ භාර ගත්තේය.

Read More

දකුණු කොරියාවේ දෛනික නව කොරොන වෛරස ආසාදිතයන් අද (10දා) ප්‍රථම වතාවට 2,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

නැගෙනහිර පළාතේ ආයුර්වේද මහ රෝහල් වල කොවිඩ් රෝගීන්ට දේශීය වෙදකම හරහා ප්‍රතිකාර කිරිම වහාම ආරම්භ කරන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (10) පෙරවරුවේ නියෝග කළාය.

Read More

මෙවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර මහජන සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට මල්වතු අස්ගිරි මහනා හිමිවරුන්ගේ උපදෙස් පරිදි තීරණය කළ බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය .

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් රැගෙන ගිය බස්රථ 68ක මාර්ග බලපත්‍ර අත්හිටුවිමට පියවර ගත් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.