saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6860 hours ago

LATEST

ගංඟා ජල මට්ටම් ඉහළට

calendar_today 2021 ජුනි 05 - 11:38 remove_red_eye - 358  

මේ අනුව කැළණි ගඟ, කලු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, වලවේ ගඟ, මැණික් ගඟ, කුඹුක්කන් ඔය, මාදුරු ඔය, මහවැලි ගඟ, අත්තනගලු ඔය ඇතුළු ප්‍රධාන හා අතු ගංඟා කිහිපයකම ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (04) ගෙවුණු පැය 24 තුළ ආසාදිතයින් 431 ක් වාර්තාවවීමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 19,980 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අතුරුදන් දෙදෙනෙකුගේ දේහයන් සොයාගෙන තිබේ. මේ අතර වරකාපොල අල්ගම නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන්ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

සංචරණ සිමා පනවා ඇති මෙම කාල සිමාව තුළදි නියමිත පරිදි ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

Read More

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීරණයේ ‘එම් බ්ලොක්’ හි තෙවැනි මහලේ කාමරයක ඊයේ (4දා) රාත්‍රි හතට පමණ ඇතිවූ ගින්නකින් තරුණියක් පිළිස්සී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් හි කොවිඩ්-19 මර්දන එන්නත වයස අවුරුදු 3ත් 17ත් අතර දරුවන් සහ නව යොවුන් වියේ ළමයින්ට හදිසි භාවිතය සඳහා චීනය අනුමත කළ බව එහි සභාපති යින් වයිඩොන්ග් පවසයි.

Read More

ලෝක පරිසර දිනය අදට (05) යෙදී ඇත.

Read More

කොවිඩ් ආසාදිතව මිය ගිය 79 හැවැරිදි මුස්ලිම් කාන්තාවකගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ඇයගේ දේහය ඔට්ටමාවඩි වෙත් ගමන් කරවීමේදී එයට ආරක්ෂාව සපයමින් ගමන් කළ වෑන් රථයක් පෙරලී යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගයල් 6ක් තුවාල ලබා උප පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ.

Read More

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් ඊයේ (4) දිනයෙදි පුද්ගලයින් 975ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදය (SPIEF) අමතමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් කියා සිටියේ එන්නත විදගැනීම සඳහා බොහෝ අය රුසියාවට පැමිණෙන බවයි.

Read More

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු ප්‍රමුඛ නියෝජිත පිරිසක් ඊට එක්වූහ.

Read More

අද (04) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 48ක් තහවුරු කර ඇත.

Read More

පසුගිය දින 14 ක කාළය තුළ ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකානු රටවල් 14 ක සංචාරය කළ හෝ එම රටවල් ඔස්සේ පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට නැවත දැනුම් දෙන තෙක් ශ්‍රී ලංකාවට පැමිණීම 06/04 දින සිට අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය.

Read More

බදුල්ල බන්ධනාගාර රැඳවියන් 26 දෙනෙකුට කොවිඩ් 19 අසාදනය වී ඇති බව පී.සී.ආර් පරික්ෂණ වාර්තා අනුව අද (4) තහවුරු වූ බව Anchor බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක පියල්පද්ම මහතා පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 663 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 70 දෙනෙකු වාර්තා වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

සති දෙකකට පෙර අසල්වැසි නිව් සවුත් වේල්ස් වෙත ගිය පවුලක සාමාජිකයන් දෙදෙනෙකු තුළ මෙම ඩෙල්ටා ප්‍රභේදය (ඉන්දීය ප්‍රභේදය) අනාවරණය වී තිබේ. එහිදී ඔවුන්ට ආසාදනය වූවා විය හැකි අතර, ප්‍රාන්තයේ දකුණු කලාපයේ ජනප්‍රිය සංචාරක ස්ථාන කිහිපයකට ඔවුන් ගොස් ඇත.

Read More

පියුමි හංසමාලි, චන්දිමාල් ජයසිංහ යන අය මෙන්ම ඔවුන්ගේ නීතිඥයෙකු අමාත්‍යවරයා වෙත කථාකරමින් තමන්ට අවශ්‍ය ඇඳුම් ඇතුළු සුභසාධක ද්‍රව්‍ය රැගෙන ඒමට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව ඔවුන් රැගෙන ගිය බස්රථය තලංගම පොලීසියට යොමුකර ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනෙන තෙක් බස් රථයේම රඳවාගෙන සිටි බවත් එම නිවේදනයේ දැක්වෙයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,735 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

දැවැන්ත බෝයාවක් මුන්දලම පෙරියපාඩු වෙරළ තිරයට ගොඩ ගසා තිබියදි ට්‍රැක්ටර් යොදා ගනිමින් වෙරළින් ගොඩට ඇද දැමිමට නාවික හමුදාව අද (4දා) දින දහවල් කටයුතු කෙරුණි .

Read More

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

Read More

බප/ජය ශ්‍රී විජයාරාම විද්‍යාලය දේවි බාලිකා විද්‍යාලයේ උසස් පෙළ පන්ති පිහිටුවීමට සඳහා පවරාදීම අත්හිටවූ බවත්, ඒ වෙනුවට ශ්‍රී විජයාරාම විද්‍යාලය ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙන පාසලක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට කමිටුවක් පත් කළ බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්‍ය කපිල පෙරේරා මහතා පැවසීය.

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර ඇසළ මංගල්‍ය සෞඛ්‍ය උපදෙස් මත චාරිත්‍රයන්ට පමණක් මුල් තැන දෙමින් සිදු කිරීමට තීරණය කර තිබේ.

Read More

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5ක පවුල් 31,303කට අයත් පුද්ගලයින් 130,672 දෙනෙකු පිඩාවට පත්වි තිබේ.

Read More

(UPDATE) එසේම එම සාදයට එක්වූ ප්‍රවීණ කළාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය ඇතුළව අද දිනයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

Read More

ගංඟා ඇතුළු ප්‍රධාන ජල මාර්ග වෙත අපද්‍රව්‍ය බැහැරලීමත් එසේම වගා කටයුතු සඳහා යොදන රසායනික පොහොර හා ද්‍රව්‍ය වැසි ජලය සමඟ මුසුවී ප්‍රධාන ජල මාර්ග වලට එක්වීමත් හේතුවෙන් භූගත ජලයේ ගුණාත්මකභාවය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

Read More

නිරිත දිග මෝසම ආරම්භ වීමත් සමග ඩෙංගු රෝගය හිස එසවීම බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර මහතා පැවසුවේය.

Read More

රජයේ වෙබ් අඩවි කිසිවකට සයිබර් ප්‍රහාරයක් එලල වී නොමැති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.