saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6869 hours ago

LATEST

තවත් මියගිය කැස්බෑවෙකුගේ සිරුරක් ගොඩ ගසයි

calendar_today 2021 ජුනි 03 - 12:03 remove_red_eye - 507  

මොරටුව එගොඩ උයන පොල්වත්ත වෙරළ තීරයට ගොඩ ගසා සිටි කැස්බෑවෙකුගේ මළ සිරුරක් (3) අලුයම සොයා ගත් බව පොලිසිය පවසයි.

පසුගිය දින කීපයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමත් සමඟ නගරය පුරා දැඩි රථ වාහන තදබදයක් ඇතිවීම අවම කිරීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඊයේ මධ්‍යම රාත්‍රී 12 ට විවෘත කිරීම සිදු කළහ

Read More

සංචාරක අයර්ලන්ත කණ්ඩායම පරාජය කර පළමු එක්දින තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් ලැබීමට සත්කාරක නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර, මෙම ජයත් සමඟ අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අභිබවා පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමටද නෙදර්ලන්තයට අවස්ථාව උදා විය.

Read More

දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 සඳහා වන නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

Read More

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු කැලණි සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාහැකි නිසා ගම්පහ ,මිනුවන්ගොඩ,ජාඇල,මිල්ලනය,කළුතර හොරණ ඉංගිරිය සහ මතුගම ගංගාධාර ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිවයින පුරා රුපියල් 5000 දීමනාව ලබා දී අවසන් කිරීමට සති එකහමාරක පමණ කාලයක් ගතවනු ඇතැයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් (02) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 28 දෙනෙකු හදුනාගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 45 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,664 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දී තිබූ අතර , භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 16 ක මෙහෙයුම් කටයුතු ද මෙම කාළසීමාව තුළ සිදු කළ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් පිටරත්මලේ , තොටලාගල හා දඹේතැන්න යන තේ වතු වල පදිංචි ඇගළුම් සේවිකාවන් 18 දෙනෙක් කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරික්ෂණ වලදී (3) දා තහවුරු වූ බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

Read More

නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් වූ ඊයේ මධ්‍යම රාත්‍රියට පෙර දැනුම්දීම සිදුකර යුතුව තිබූ අතර, ඒ අනුව ඊට විනාඩි 35කට පෙර විපක්ෂ නායක යායර් ලැපිඩ් විසින් ජනාධිපති රුවීන් රිව්ලින් වෙත ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින්, ’’මම රජයක් පිහිටුවීමට සමත් වූ බව ඔබට දැනුම් දීමට ලැබීම මට ගෞරවයක්.’’ යැයි පවසා තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය වන www.mahindarajapaksa.lk යන වෙබ් ලිපිනය ඊයේ (2දා) හැකරුන් ග්‍රහණයට ලක්ව ඇතැයි නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවූ බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

අද (03දා) සහ හෙට (04දා) යන දෙදින තුළ දිවයිනෙහි සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳුන් සඳහා විවෘත කර තැබීමට වෙළඳ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

Read More

සංචරණ සීමා පනවා ඇති මෙම අවස්ථාවේදී අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගන්නා ලෙසට ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වි සුව විමෙන් පසු නිවෙස්වලට ගොස් සිටි සිවිදරුමවකට හා එක්දරුපියෙකුට නැවත කොරෝනා වෛරසය ආසාදනය වි කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයකදි අනාවරණය විය.

Read More

සීමිත රාජකාරී සඳහා දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල අද සිට යළි විවෘත කෙරෙනවා.

Read More

චීනය එරට නිෂ්පාදිත කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 350කට අධික ප්‍රමාණයක් මේ වනවිට ලෝකය වෙත ලබා දී ඇති බවත්, එහිදී විදෙස් රටවල් 80කට අධික සංඛ්‍යාවක් සඳහා එන්නත් ආධාර වශයෙන්ද, රටවල් 40කට අධික සංඛ්‍යාවක් සඳහා එන්නත් අපනයනය කර ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ප්‍රකාශ කරයි.

Read More

නිරෝධායන නිති උල්ලංඝනය කිරිම හේතුවෙන් පසුගිය පැය 24තුළ පුද්ගලයින් 947දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය

Read More

ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් තවත් අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 39ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ 39ම මැයි 17 සිට ජුනි 01 දා තෙක් වාර්තා වී තිබේ. අද දිනයේදී කොවිඩ් මරණයක් තහවුරු කර නොමැත.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය, ඉතාලියේ කොරෝනා වෛරස සාම්පල නැවත පරීක්ෂා කර ඇති අතර, එමගින් කොවිඩ්-19 ඇති කරන වෛරසය චීනයේ හඳුනා ගැනීමට පෙර ඉතාලිය තුළ තිබෙන්නට ඇතැයි යෝජනා කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව ඇමෙරිකාවේ කොංග්‍රස් සභාවට හඳුන්වාදී ඇති යෝජනාවලිය අමූලික අසත්‍යයක් බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී යළිත් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම 3000 සීමාව ඉක්මවා ගියේය. අද දිනයේදී තවත් ආසාදිතයන් 738ක් වාර්තාවීමත් සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3306ක් දක්වා වර්ධනය විය.

Read More

හෙට සිට දිවයිනේ සියලු සතොස ශාඛා විවෘත කරන බව වෙළෙද අමාතය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ජාතික ශූර නිලූක කරුණාරත්න එළඹෙන ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් හිමිකර ගෙන ඇත. පසුගියදා පැවති පෘතුගාල විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණිමට සමත්වීම හේතුවෙන් නිලූක මෙම සුදුසුකම හිමිකර ගත්‍තේය.

Read More

ප්‍රවීණ නිරූපන ශිල්පි චන්දිමාල් ජයසිංහ හා ප්‍රකට මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි ඇතුළු 15ක් දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට යොමුකිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය

Read More

ඉකුත් 31වන දින පස්වරුවේ වැලිගම - මිරිස්ස වරායෙන් මුහුදු ගිය ආකාෂි දුව නැමැති කුඩා යාත්‍රාවක් අනතුරකට ලක් වි තිබෙනවා.

Read More

ජෝර්ජියා සෞඛ්‍ය ඇමතිනී එක්තරින් ටිකරාඩ්සේ පසුගිය මාර්තු 23 වැනි දින ජෝර්ජියානු රූපවාහිනියේ සජීව විකාශයක්ද ලබාදෙමින්, ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත විද ගන්නා ආකාරය දැකගත හැකි විය.

Read More

රට ආරක්ෂා කරන බවට සඳහන් කරමින් රට භාර ගත් කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇද දමමින් තිබෙන බවත් එය ප්‍රකාශ කිරීමට සිදු වීම වේදනාකාරී අත්දැකීමක් බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීහ.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 738 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,306 ක් ලෙස ඉහල ගොස් ඇත.

Read More

බදුල්ල හාලිඇල පොලිස් ස්ථානයේ තවත් නිලධාරින් 12 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.