මාලිංග 20-20 ලෝක කුසලානය ක්‍රීඩා කරනවානම් සතුටු වෙනවා
මේ වසරේ පැවැත්වීම නියමිත 20-20 ලෝක කුසලානය සඳහා ලසිත් මාලිංග ක්‍රීඩා කරන්නේ නම් එය සතුටට කරුණක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ක්‍රිකට් බලධාරීන් සමග පැවති මාධ්‍ය සාකච්ජාවකින් පසුවය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මමත් සතුටු වෙනවා මාලිංග අයියා ක්‍රීඩා කරා නම්,මමත් ආස කරන ක්‍රීඩකයෙක් මගේ පියත් ආස කරන ක්‍රීඩකයෙක්,ඒ වගේම මේ රටට විශාල කීර්තියක් ගෙනාපු ක්‍රීඩකයෙක්,ඉතින් මං හිතන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය හා ක්‍රිකට් තේරුම් කමිටුවට යම් වෙනස් අදහසක් තියෙන්න ඇති,ඉතින් අපි බලන්න ඕනේ අනාගතය දිහා,අනාගතය දිහා බලනකොට අපි ගන්න තීන්දු තීරණ අනාගතයේ ජයග්‍රහණවලට අපිව යොමු කරන්න පසුබිම තමා අපි නිර්මාණය කරන්න ඕනේ ඉතින් ඒ අය ඒ තීන්දු ගන්න ඇතැයි කියලා අපි විශ්වාස කරනවා. වෙනදා වගේ ඇමතිවරයා මැදිහත් වෙලා කණ්ඩායම තෝරන්නේ නෑ දැන්,ඉතිහාසයේ ඇමතිවරු මැදිහත් වෙලා තමයි කණ්ඩායම් තේරුවේ,ඒකේ ප්‍රතිපල අපි දැක්කා,හැබැයි අද අපි පූර්ණ නිදහස දීලා තියෙනවා තේරුම් කමිටුවට තමන්ගේ රාජකාරිය ඉටු කරන්න,ඒ වගේම නවක ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න,මාලිංග අයියාගේ ප්‍රකාශය බැලුවත් ඔහුත් සතුටු වෙනවා නවක ක්‍රීඩකයන්ට අවස්ථාව දීම සම්බන්ධව"
popular news
- 
                            
Soma Saturday, 18 September 2021 11:00 PM
This is a wise decision. I think Malinga still has fire power for one more world cup and on the other hand his presence on the field will be a boost to our young players' morale.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                