ගුවන් තොටුපලේ ආරක්ෂාව සහතිකයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පරිශ්‍රය තුළ ආරක්ෂක අවදානමක් ඇති බවට පැතිරයන කටකතා මුළුමනින්ම අසත්‍ය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරනවා.
විද්‍යුත් තැපෑල මගින් ලැබුණු යම් ව්‍යාජ තොරතුරක් පදනම් කරගෙන කටුනායක ගුවන් තොටුපොලේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානමක් ඇති බවට කටකතා පැතිරයමින් පවතිනවා.
ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.
ගුවන් තොටුපොලේ ආරක්ෂාව මෙන්ම මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර ආරක්ෂාව සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසයි ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
popular news
-
Ranjan Friday, 17 September 2021 04:02 PM
api nodanna araksha sanwidhana ghala giyama dane
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

