වරාය නගර ව්‍යාපෘතිය 7 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ක්‍රියාත්මක කරන ලද දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතියට මේ වනවිට වසර 7ක් සම්පූර්ණ වී තිබේ. මෙහි සාගරය ගොඩකිරීම් සහ අනෙකුත් මූලික කටයුතු 2014 වර්ෂයේදී ආරම්භ වූ අතර, ව්‍යාපෘතියේ මූලික ගොඩකිරීම් සහ අභ්‍යන්තර යටිතල පහසුකම් සඳහා සෘජු විදේශ ආයෝජනයන් ලෙස ශ්‍රී ලංකාව වෙත ලැබුණු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4කි. ඉදිරි වසර 25ක කාලය තුළ මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජනයන් ආකර්ෂණය කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කොළඹ වරාය නගර පරිශ්‍රය තුළ කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (Colombo International Financial Center - CIFC) ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව, චයිනා හාබර් ඉංජිනියරින් සමාගම (China Harbour Engineering Company - CHEC) සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී (Browns Investments PLC) පසුගිය වසරේදී නිවේදනය කළේ ය. මෙහි ප්‍රධාන හවුල්කරු ලෙස චයිනා හාබර් ඉංජිනියරින් සමාගම CIFC මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීම සඳහා සහයෝගීත්ව ගිවිසුමකට අත්සන් තබන ලදි. එමෙන්ම චයිනා හාබර් ඉංජිනියරින් සමාගම අනෙනකුත් පාර්ශ්වකරුවන් සමග ශ්‍රී ලංකා රජය සමග ළඟදීම ආයෝජන ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත වන අතර, ඉන් අනතුරුව 2021 වසර ඇතුළත අදාළ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිත වේ.
කොළඹ වරාය නගරය 7 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ, වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවේදී සම්මත වීම සහ එම කොමිෂන් සභාව පිහිටුවීම මෙම ව්‍යාපෘතියේ තවත් වැදගත් සන්ධිස්ථානයකි. පසුගිය වසර 7ක කාලය තුළ කොළඹ නගරයේ පෙර නොවූවිරූ වෙනසක් සිදුකිරීමට මෙම ව්‍යාපෘතිය සමත් වී ඇති අතර, ඉදිරි වසර කිහිපය තුළදී කොළඹ නගරය තවදුරටත් පරිවර්තනයන්ට ලක්කරමින්, එය ලොව විශිෂ්ටතම නගර අතරින් එකක් බවට පත්කිරීමට දායක වීමට වරාය නගර ව්‍යාපෘතිය අපේක්ෂා කරයි. එමෙන්ම COVID-19 සම්බන්ධ සීමාවන් ඉවත් කළ පසු කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය සහ වෙරළ තීරයන් මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමටද මේ වනවිට සැලසුම් කර තිබේ.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් අලුතින්ම ඉදිවන, මූලික ආයෝජනය ඇමරිකානු ඩොලර් 1.4ක් සහ සමස්ත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15ක් වන නව්‍යතම නගර සංවර්ධන ව්‍යාපෘතියකි. මුහුද ගොඩ කිරීමෙන් බිහිකරන ලද හෙක්ටයාර 269ක මෙම අලුත්ම භූමි ප්‍රමාණය ශ්‍රී ලංකා රජයේ හිමිකාරීත්වය යටතේ පවතී. මින් හෙක්ටයාර 91ක් උද්‍යාන සහ හරිත සෙවණ සහිත මාවත් ඇතුළු පොදු පහසුකම් සඳහා වෙන්කෙරෙන අතර, හෙක්ටයාර 178 ක් ලොව උසස්ම මට්ටමේ ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, අති-නවීන සෞඛ්‍ය සේවා, ප්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලු යාත්රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීම ආදිය සඳහා වෙන්කෙරේ.

popular news
- 
                            
Kumar Friday, 17 September 2021 10:03 PM
In the US. first all the utilities such as water sewer, communications, and electricity are constructed. Then the building and the roads. If toilets are flushed to the ocean then forget about bathing in the sea unless a person want to a bath in sewage. I hope the government require low flow toilets to reduce water consumption.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                