සුරාසැල් විවෘත කිරීම ගැන පරීක්ෂණයක් තියන්න
සුරාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ තංගල්ල මැදකැටිය ප්‍රදේශයේදී අද(18) පැවැති ගැබිණි මාතාවන් සඳහා පෝෂණ ආහාර ලබා දීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.
සුරාසැල් විවෘත කිරීම ගැන මම දැනගත්තෙත් මාධ්‍යයෙන්. කොහොම වුණත් මේ ගැන සම්පූර්ණයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. සුරාබදු කොමසාරිස්වරයා නොදැනුවත්ව සුරාසැල් විවෘත කර තිබෙනවා නම් එය වැරැදියි. ඇඳිරිනීතිය පවතින වෙලාවේ මේවා විවෘතව තැබීම සුදුසුයි කියා මට කියන්න බැහැ. රාජ්‍ය සේවකයෝ ගෙදර ඉන්න එක තමයි වෙන්නේ.
මිනිස්සුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්නත් කඩවල්වල සීමා පනවා තිබෙන වෙලාවක සුරාසැල් අරින්න අවශ්‍ය නැහැනේ. එහෙම කරල තිබෙන එක ගැන පූර්ණ පරීක්ෂණයක් තියන්න කියා අපි මුදල් අමාත්‍යංශයෙනුත් අදාල බලධාරින්ගෙනුත් ඉල්ලා සිටිනවා. රාජ්‍ය නිලධාරින් හිතුමතේද බාර්කාරයන් හිතුමතේද නැත්නම් බාර්කාරයන්ගෙන් බීපු රාජ්‍ය නිලධාරින් මේ කටයුතුවල ඉන්නවාද කියන එක හොයන එකයි තිබෙන්නේ යැයිද කීවේය.
අනීෂා මානගේ
popular news
-
Demuni Uduwara Saturday, 18 September 2021 07:12 PM
A lawless country!
Reply : 0 0
L.G.P.Jathunarachchi. Saturday, 18 September 2021 09:18 PM
Hon, Minister, Is It Like as a Term Test of Sri Lankan Schools ???
Reply : 0 0
Demuni Uduwara Saturday, 18 September 2021 10:13 PM
Investigation against whom ? Your "Cir" !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

