මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව අද කොළඹට
ශ්‍රී ලංකා නාවික හමුදාව දින ගණනාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ අඛණ්ඩව ආවෙක්ෂණයන් සිදු කරමින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක් මඟින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 09 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
ශ්‍රි ලංකා පොලීසිය මගින් ලබාදුන් තොරතුරු මත ශ්‍රි ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද එම සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් 09 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාවේ ආරක්ෂාව යටතේ කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතී.
ඒ අනුව, තව නොබෝ වේලාවකින් කොළඹ වරාය වෙත රැගෙන එන මෙම මත්ද්‍රව්‍ය රැගත් සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් 09 දෙනා ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සිදු කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

