saravita-anim2

2025 නොවැම්බර් මස 12 වන බදාදා

2025 නොවැම්බර් මස 12 වන බදාදා

Latest News - timelapse 6764 hours ago

LATEST

ලංගමයේ 285 දෙනෙකුට කොවිඩ්

calendar_today 2021 අගෝ 15 - 19:23 remove_red_eye - 195  

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් 285 දෙනෙකුට මේ වන විට කොවිඩ් ආසාදිතයින් බවට පත්වි ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

කාබුල් නුවර බලය අත්පත්කර ගැනීමටද තලේබාන් සංවිධානය සූදානම්වන අවස්ථාවකදී ඔවුන්ට බලය පවරාදීම සඳහා ඇෆ්ගනිස්තාන රජය හා තලේබාන් සංවිධානය අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව ජාත්‍යන්තර මාධය වාර්තා කරයි.

Read More

Invitational T20 League ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා ධනංජය ද සිල්වා, චරිත් අසලංක හා චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් මේ වන විට මහනුවරට පැමිණ තිබේ.

Read More

මුහයිඩින්ගේ ඉල්ලා අස්වීම මාස 17ක කලබලකාරී නිල කාලය අවසන් කරන අතර, මැලේසියාව තුළ කොවිඩ්-19 ආසාදිතයන් ඉහළ යාම සහ ආර්ථික පසුබෑම සමග තවදුරටත් අවිනිශ්චිතතාව වැඩි කරනු ඇත.

Read More

ඉතාලියේ මිලාන් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය මෙතෙක් පිහිටා තිබු ස්ථානයෙන් ඉවත්වී නව ස්ථානයකට ගෙනයාම සමග ඇතිකරගත් බදු ගිවිසුම ශ්‍රී ලංකා රජයට විශාල මුල්‍යමය වාසියක් ලබා ගැනීමට හැකි වූ බව මිලාන් නුවර වැඩබලන ශ්‍රී ලංකා කොන්සල් ජනරල් ප්‍රභාශිනි පොන්නම්පෙරුම මහත්මිය පවසා සිටියාය.

Read More

කොවිඩ් 19 ආසාදිත රෝගීන් සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල්වල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් රෝගීන් 700 කට අධික පිරිසක් නිවෙස්වලම සිටින බව බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේ හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා පැවසීය.

Read More

අවිස්සාවේල්ල රෝහලේ කොවිඩ් වට්ටුව සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයේ හිටපු කැඳවුම්කරුවෙක්ද වූ වර්තමානයේ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන නජිත් ඉන්දික මහතා පසුගියදා සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ සටහනක් දමා තිබුණා. මෙම සටහන සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුවුණා. කෙසේ වෙතත් ඔහුගේ මෙම ෆේස්බුක් සටහන පිළිබඳව විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනක් පැමිණි බව නජිත් ඉන්දික මහතා පවසයි

Read More

ඔක්සිජන් හිඟයට පෙර රෝහල් කාර්ය මණ්ඩලයේ හිඟයක් ඇති විය හැකි බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසා සිටියි.

Read More

කොවිඩ් වසංගතය රට තුළ පැතිරුණේ සංචාරකයන්ට රට යළි විවෘත කිරිම නිසා බවට කරන ප්‍රකාශ පදනම් විරහිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති අතර නොර්ටන් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලමින් පවති.

Read More

කොවිඩ් සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සහ එහි සෙසු මධ්‍යස්ථානවලට ලැබෙන දෛනික රුධිර ඒකක ප්‍රමාණයද අඩු වෙමින් ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසා සිටියි.

Read More

වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් රජය විසින් සැළසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15දා) දින පැවසීය.

Read More

පරිසරයට සිදු කරන හානි සහ මහජන පැමිණිලි විමර්ශනය කිරීම සදහා විශේෂ හදිසි කඩා පැනීමේ ඒකකයක් පිහිටුවීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

Read More

ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රී සිට නැවත දැනුම් දෙනතුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවන විවාහ උත්සව සඳහා අවසර නොලැබෙන බව රජය දැනුම් දෙයි.

Read More

හෙට (16) රාත්‍රී 9.00 සිට සතියක කාලයක් මරදගහමුල සියලු කඩසාප්පු වසා දැමීමට මරදගහමුල ව්‍යාපාරික සංගමය තීරණය කර තිබේ.

Read More

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට කැදවීමට නියමිත බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

Read More

රට වැසීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් එය සිදුකිරීමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි. නීතියෙන් කරන දේට වඩා ස්වයං සංචරණ සීමා පනවා ගැනීමට මගින්ද මෙය පාලනය කර හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ​ය.

Read More

කොරෝනා රෝග තත්ත්වය අධික ලෙස පැතිර යාම සැලකිල්ලට ගනිමින් ගම්පහ නගරයට ජනතාව ඇදී ඒම වලක්වාලීම පිණිස ගම්පහ නගරයේ වෙළඳසල් සහ සියලුම ව්‍යාපාරික ස්ථාන හෙට (16දා) සිට සතියක කාලයක් වසා තැබෙන බව නාගරික එක්සත් වෙළඳ සංගමය සදහන් කරයි.

Read More

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින්ට ඒ සඳහා සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව කැඳවීමක් කර තිබෙනවා.

Read More

නිරෝධායන නීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 108 දෙනෙකු පසුගිය පැය 24 තුළ අත්අඩංගුව‌ට ගෙන තිබෙනවා.

Read More

විවිධ ආසාත්මිකතා ඇති පුද්ගලයින්ද කොරෝනා මර්දන එන්නත ලබා ගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසා සිටියි.

Read More

යුද්ධ හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සිටියදී යුද ප්‍රහාරයකින් පාද දෙකම අහිමි වූ සෙබලා ඝාතනය කර මළ සිරුර හොරවල තොටුපොළ ආසන්නේ වගුරු බිමක දමා තිබියදී අද (15දා) හමුවූ බව ඉත්තෑපාන පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 4527502ක් වෙත කොවිඩ් 19 එන්නතේ මාත්‍රා දෙකම ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

බුත්තල-කටුගහගල්ගේ වැවේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු දියේගිලී මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.

Read More

ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයකුට වඩා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයෙකුගේ වෛරස් ප්‍රමාණය වාතයට එක් වීම සි​යගුණයකින් ඉහළ බව සෞඛ්‍ය අංශ පවසා සිටියි.

Read More

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලය සහ වේරහැර ඇතුළු අනෙකුත් සියලුම ශාඛාවන් මගින් හෙට (16) දිනයේ සිට සේවා සැපයීම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත්කර තිබේ.

Read More

මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය රටේ මූලික ප්‍රභේදය බවට පත්වෙමින් ශීඝ්‍ර පැතිර යාමක් දක්වන නිසා එය වැළැක්වීමට ඉක්මන් පියවර නොගතහොත් සැප්තැම්බර් වන විට ලංකාවටම අයත් වෙනස්ම විකෘති ප්‍රභේදයක් බිහි විය හැකි බව වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවන බව දේශය ඉරිදා පුවත්පත වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට ස්කොට්ලන්ත පොලීසිය විසින් ලබාදෙන පුහුණුව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

Read More

කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් මහරගම නගර සභාවේ ගොඩනැගිලි අංශය සහ සංවර්ධන අංශය තාවකාලිකව වසා දමා ඇති බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි

Read More

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර ඊයේ රාත්‍රී 7.15 යෙදුණු සුභ මොහොතින් විථි සංචාරය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.