ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන නාය යෑමේ පූර්ව නිවේදන අනුව කටයුතු කර ජීවිත සුරක්ෂීත කර ගන්නා ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10)පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
මෙම අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නාය යැමේ පළමු පූර්ව නිවේදනය නොවැම්බර් මස පළමුවැනි දින නිකුත් කළ බවත් දිවයිනේ බදුල්ල ,ගාල්ල , කළුතර , නුවර , කෑගල්ල , මාතලේ , නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවලට එය නිකුත් කළ බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය.
නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විවෘත කොට වර්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවූ බවත් වර්ෂාවේ තීව්‍රතාවය අඩු වැඩි වීමත් සමග නායයාම් දැනුම් දීමේ නිවේදනය නිකුත් කිරීමට කටයුතු කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
දිනකට මිලිමීටර් 75 ඉක්මවන් වර්ෂාපතනයක් ලැබෙන අවස්ථාවේදී මහජනතාවට විමසිල්ලෙන් පසුවීමටත් මිලිමීටර් 100ට වඩා වැඩි වර්ෂාපතනයක් ඇති වන විට එම ප්‍රදේශවලින් ඉවත් වීමට සූදානම් වන ලෙසත් මිලිමීටර් 150ට වැඩි වර්ෂාවක් ඇති වන විට එම ස්ථානවලින් ඉවත්වන ලෙසත් ජනතාවට උපදෙස් ලබා දී ඇති බව ඒ මහතා කියා සිටියේය.
ඊයේ (09) සවස වන විට නාය යාමේ පූර්ව දැනුම් දීමේ නිවේදනය යාවත්කාලීන කළ බවත් ඒ අනුව විශේෂයෙන්ම කෑගල්ල , කුරුණෑගල සහ නුවර දිස්ත්‍රික්කවලට වැඩි වර්ෂාපතනයක් ලැබෙන බව නිරීක්ෂණය වූ බවත් ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට , රුවන්වරල්ල , මාවනැල්ල , අරණායක , බුලත්කොහුපිටිය , දෙහිඕවිට , රඹූක්කන , කෑගල්ල , මාවනැල්ල ,වරකාපොල, ගලිගමුව , දැරණීයගල යන ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාසවලට නායයාමේ රතු නිවේදන නිකුත් කළ බවද පැවසිය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය , රිදීගම , අලව්ව , නාරම්මල , මාවතතම, පොල්ගහවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද නායයාම් රතු නිවේදන නිකුත් කළ බවත් මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව , දොලුව , යටිනුවර, උඩපලාත, පස්බාගේකෝරළය, ගඟවට කෝරළය , උඩුනුවර, ගඟ ඉහළ කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද නායයාම් රතු නිවේදන නිකුත් කළ බවත් කරුණාවර්ධන මහතා පැවසීය.
දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක පිළිබඳ සැළකීමේදී බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාසයට නායයාමේ දෙවෙනි අදියරේ රතු නිවේදනය නිකුත් කළ බවත් කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම , ඇල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාසවලටද නායයාමේ දෙවන අදියරේ රතු නිවේදනය නිකුත් කළ බවත් ඒ මහතා පැවසීය.
ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ,අක්මීමන , ගාල්ල , කඩවත්සතර , යක්කලමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය නාමේ පළමු අදියරේ රතු නිවේදනය නිකුත් කර ඇත.තවද ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම , අත්තනගල්ල , දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නාය යාමේ පළමු අදියරේ රතු නිවේදනය නිකුත් කර ඇත.කළුතර දිස්ත්‍රික්කයේ මතුගම , අගලවත්ත , බුලත්සිංහල පාලින්දනුවර සඳහා දෙවන අදියරේ රතු නිවේදනය නිකුත් කර ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර , මිණීපේ , මැදදුම්බර , පූජාපිටිය , උඩුදුම්බර , දෙල්තොට , හතරලියද්ද , අකුරණ , පන්විල , කුණ්ඩසාලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාමේ දෙවන අදියරේ රතු නිවේදනය නිකුත් කර ඇත.මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට , උකුවෙල , ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාමේ දෙවන අදියරේ රතු නිවේදනය නිකුත් කර ඇති අතර යටවත්ත , පල්ලෙපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාමේ පළවන අදියරේ රතු නිවේදනය නිකුත් කර ඇත