සපුගස්කන්ද ප්රදේශයේ දී ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියේ ප්රධාන සැකකරු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසළ මාර්ගයේ කැළිකසල ගොඩක තිබී හමුවූ ගමන් බෑගයක තිබියදීයි මළ සිරුර සොයා ගැණුනේ.
ඝාතනයට ලක්වූ කාන්තාව මොහොමඩ් සාෆි ෆාතිමා මුන්තාස් නමැත්තියක් බවට හදුනා ගැණුනා.
ඇය අවසන් වරට හමු වූ අඹු සැමි යුවළකගෙන් කළ දීර්ඝ ප්රශ්න කිරීම්වලදී හෙළි වුණේ සිය සොහොයුරෙකුද සමග එක්ව සමිට්පුර ප්රදේශයේ දී ෆාතිමා ඝාතනයට ලක් කළ බවයි.
ප්රදේශයෙන් පලා ගොස් සිටි ඔහු ඊයේ අත්අඩංගුවට ගැණුනේ වැල්ලම්පිටිය ප්රදේශයේ නිවසක සැගව සිටියදීයි. සැකකරු මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.