ගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කාන්තා ප්රධාන පොලිස් පරීක්ෂක කංචනා සමරකොන් හෙට (11) වැඩ භාරගන්නා බව මහජන ආරක්ෂක අමාත්යංශය සදහන් කරයි.
ප්රධාන පොලිස් පරීක්ෂක කංචනා සමරකොන් මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව ඇතුලු විවිධ පොලිස් කොඨඨාශයන් වල හා පොලිස් ස්ථානවල සේවය කර තිබෙන අතර ඒ මහත්මියගේ ස්වාමි ප්රර්ෂයාත් පොලිස් ඇමති ආරක්ෂක කොඨඨාශයේ ප්රධාන පොලිස් පරික්ෂකවරයෙකු වශයෙන් සේවය කරණු ලබන බව මහජන ආරක්ෂක අමාත්යංශය සදහන් කරයි.
මිට පෙර අවස්ථා කිහිපයකදි කාන්තා පොලිස් නිලධාරින් පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි අවරණ පදනමින් සේවය කර තිබෙන බවද එම අමාත්යංශය පෙන්වා දෙයි.
