මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පසුගියදා පැවැති උද්ඝෝෂණය අතරවාරයේදි ඊට බධා කරන ලද මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුලූ එම සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීරුන් දෙදෙනා අද පස්වරුවේ ඇප කොන්දේසි මත මුදා හැරීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් අධීකරණයේ මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝගය ලබා දෙන ලදි.
සාක්සි කරුවන්ට බලපෑම් කිරිම තහනම් කොට පළාතේ විද්‍යාල වලට ආරාධනාවක් ඇතුව හෝ නොමැතිව ඇතුලූ විම තහනම් කරමින් එක් අයෙකුට ලක්ෂය බැගින් ශරිර ඇප තුනක් සහිත ඇප කොන්දේසි සමග මෙම මුදා හැරිම සිදු කරන ලදි.
මෙලෙස ඇප ලබා දෙන ලද්දේ මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති කේ.ජී. පියතිස්ස මහතාට සහ එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන ඒ.පී.එස් අල්කේගම සහ කේ පාලිත විමලෙසේන අය අයටයි.
උප සභාපතිවරයා ඇතුලූ සෙසු මන්ත්‍රීවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ අද 10 පෙරවරුවේ මාවනැල්ල පොලිසිය විසිනි.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ උප සභාපති ඇතුලූ සෙසු මන්ත්‍රීවරුන් දෙදෙනාය. පසුගිය 03 වැනි දින මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ ගුරු දෙමාපිය විරෝධයට බාධා කොට මැර තර්ජනය සිදු කර බව පවසමින් දිවයිනේ නම් දෙසින් පසුගිය 07 සහ පසුගිය 09 වැනිදා පැමිණී ගුරුවරුන් විශාල පිරිසක් මේඬේරිගම විද්‍යාලය අසලින් ආරම්භ කරන ලද විරෝධතාවය මාවනැල්ල පොලිසිය ද වටලා කරන ලද විරෝධතාවයකට අනුවයි.