හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි අධිචෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්රතික්ෂේප කිරිමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
2008 වසරේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට වන නඩුවේ චෝදනාවලිනුයි ඔහු නිදහස් කර තිබුණේ. ඊට එරෙහිව ගොනු කළ පෙත්සමයි මෙලෙස අභියාචනාධිකරණය ප්රතික්ෂේප කළේ.
තීන්දුව ප්රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්රකාශ කළේ නඩු පැවරීමට සහ ඉවත් කර ගැනීමට අදාළ අභිමතානුසාරි බලය නීතිපතිවරයා සතුවන බවයි.