ගුරු - විදුහල්පති වැටුප් වැඩිවීම එකවර දෙයි
ගුරු - විදුහල්පති වැටුප් වැඩිවිමට අදාළව අමාත්‍ය අනුකමිටුව යෝජනා කළ මුදල එකවර ලබාදිමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී පැවැති සාකච්ඡාවකදී එකඟ වී තිබේ.
මෙහිදී ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ වැටුප 12120ක මුදලකින් හා ගුරු සේවයේ පළමු ශ්රේනනියේ නිලධාරියෙකුගේ වැටුප රුපියල් 11820කින් වැඩිවිමට නියමිතය.
ඊට සමගාමිව ගුරු හා විදුහල්පති සෙසු ශ්‍රේණිවල වැටුප් වැඩිකිරීමට නියමිතය. ලබන අයවැයේදී මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද එක්ව තිබේ.
සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ ජොසප් ස්ටාලින් මහතා,
"අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිති කැඳවලා සාකච්ඡාවක් තිබුණා. ගුරුවරු දින 108ක දැවැන්ත අරගලයක් කරලා සුභෝදනී වාර්තාවේ වැටුප් විශමතා ඉවත් කිරීමට ඉල්ලා සිටියා. දෙන එක කොටස් තුනකට කඩලා දෙන්න හැදුවේ. අපි ඒවා ප්‍රතික්ෂේප කරමින් දැවැන්ත අරගලයක් කළා.
ඒ අනුව ආණ්ඩුව තීරණය කර තිබෙනවා අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශය එකවර ගෙවන්න. සුභෝදනි කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කලේ නැ. ඒක අපිට අවශ්‍යයි. මේ අරගලය අවසන් නැ. සමස්ත සුබොධනි කමිටු වාර්තාව ලැබෙන තෙක් අරගලය අවසන් නෑ. අපේ ප්‍රධාන ඉල්ලීම ලබාදෙන්න තීරණය කර තිබෙනවා. ඒක අයවැයෙන් ලබාදීමෙන් පමණයි ලබුණා කියන්නේ. නැත්නම් ඒවා පොරොන්දු පමණයි." යැයි පැවැසීය.
popular news
-
v ip lenin Wednesday, 10 November 2021 03:07 PM
rate daruwange adyaapana aithiya ahimikara, ratama dhadi aarthika awapaathayaka athi witadee, rate janathaawa kovis hamuweth, jeewana wiyadama hamuweth dadi jeewithaka satanaka nirathawee sitina awasthaawaka, mas raaththalama illapu guru shi locklaata apage upahaaraya.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

