saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7159 hours ago

LATEST

යේමන හවුති සටන්කාමීන් හා හමුදාව ගැටී මරණ 80 පනියි

calendar_today 2021 ඔක් 05 - 18:35 remove_red_eye - 220  

ගැටුම්වලින් හවුති කැරලිකරුවන් 74 දෙනෙකු සහ යේමනයේ හමුදා සෙබළුන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව රජයේ හමුදා ආරංචි මාර්ග පවසයි.

ඊයේ (04) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 40 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 04 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 36 දෙනෙකු අයත්.

Read More

2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අනිද්දා (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා සිටියි.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් ආණ්ඩුකාරවරු සමග පසුගිය දිනවල දිගින් දිගටම කළ සාකච්ඡා හා පැමිණි එකඟතා හා අද පැමිණි අවසන් නිගමනය මත සිසුන් 200 ට අඩු පාසල් වල ප්‍රාථමික අංශ (1 - 5 ශ්‍රේණි) 2021 ඔක්තෝබර් මස 21 දින ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනු ලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා සමග පවසයි. වාසි අවාසි පැහැදිලි කර දී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බව ජනාධිපති අවධාරණය කළේය

Read More

අභියෝග හමුවේ වුවද අපනයන ආදායම් වර්ධනය කර ගැනීමට රජයට හැකිවී ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

Read More

මෙරට රැදී සිටින විදේශිකයන්ගේ සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය ඔක්තෝම්බර් 7 වනදා සිට නොවැම්බර් 6 දක්වා තවත් දින 30 කින් දීර්ඝ කර තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාජිකයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පත්කර තිබේ.

Read More

2011 එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේ තරග පාවාදීමක් සිදු වූ බවට තමන් කළ අනාවරණයන්ට අනුව පරීක්‍ෂණ කටයුතු සිදු නොවූ බවත්, එනිසා තරග පාවදීම පිළිබඳ පවත්වනු ලැබූ පරීක්‍ෂණය පිළිබද තමන් සෑහීමට පත්නොවන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මෙන්ම වත්මන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා පැවසීය.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

Read More

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සමාන්තරව වර්ථමානයේ ක්‍රියාත්මක නොවන බවත් 20 වැනි සංශෝදනය ආපසු හැරවීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Read More

කලුතර, ගාල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

Read More

උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින පිළිබඳව ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් සිදු කිරීමක් කරනු ඇති බවත් මෙම විභාග දෙක යම් කාලයකින් කල් දැමිය යුතු බවට තමාගේ මතය බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.

Read More

ලංකා සතොස ආයතනයේ සිදු වූ මහා පරිමාණ සුදුළූණු වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් දීම පිළිබඳ පරීක්ෂණ ආණ්ඩුව අතින් අත යවමින් නාට්‍යක ස්වරූපයේ රංගනයක් මාධ්‍ය ඉදිරියේ සිදු කරන බවත් මෙම වංචාව පිළිබද ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය

Read More

මෙරට විශිෂ්ටගණයේ පුරාවිද්‍යාඥයෙකු, ඉතිහාසඥයකු වන ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල අභාවප්‍රාප්ත වී ති​බේ.

Read More

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලු අයදුම්කරුවන් වෙබ් අඩවිය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කරගෙන පැමිණිය යුතු බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසා සිටියි.

Read More

පළාත් කිහිපයකට අද දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි සමඟ තද සුළං ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

Read More

මේ අනුව සකර්බර්ග් ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පස්වැනි ස්ථානය දක්වාද පහත වැටුණි.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

Read More

ද්විත්ව දුම්රිය මාර්ග කිහිපයක් මෙම වර්ෂය නිමවීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

Read More

මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 82,721 දෙනෙකුට කොවිඩ් එන්නත්කරණය ලබ‌ා දි තිබේ.

Read More

පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිත අතර පෙ.ව 10.00 සිට පෙ.ව. 11.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

Read More

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 04 වන දින නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් වෙරළ තීරයේ ධීවර වාඩියක සඟවා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 1064 ක පමණ තොගයක් සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

සමගි ජනබලවේගයේ මන්ත‍්‍රීවරුන්ට තම ගැටලූ ඉදිරිපත් කිරීම සඳහා පක්‍ෂය විසින් පංචපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

Read More

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා අද (05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇ​ත.

Read More

අද (05) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 149දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

මෙම පනත ක්‍රියාත්මක වන දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වන සේවකයන් සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 57 දක්වා සහ වයස අවුරුදු 52ට අඩු සේවකයන් සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටද නිර්දේශ කරමින් පනත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

මහවැලි ගගේ අතු ගංගාවක් වු කොත්මලා ඔයේ දිය නෑමට ගොස් අතුරුදහන් වු තරුණයා සොයා සිදු කෙරෙන මෙහෙයුම් සඳහා මේ වන විට හමුදා සහාය ලබා ගෙන තිබේ.

Read More

කිරිපිටි, ගෑස්, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල සංශෝධනය සම්බන්ධව සහ සහල් මිල පාලනය සම්බන්ධ තීරණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04) පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම අද (05) සවස 5.30 දක්වා කල් දමා ඇත.

Read More

තායිවානය චීනයට අයත් බවත් වගකීම් විරහිතව ප්‍රකාශ කිරීමට එක්සත් ජනපදයට හැකියාවක් නැති බවත් චීනය අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.