ලක්ෂපාන සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරය වන බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයට ජලය පිරවීමේ සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (18) දින මාර්ගගත ක්‍රමවේදය යටතේ සිදුවිය.
මස්කෙළිය ඔය හරස්කර පොල්පිටියේ ඉදිකර ඇති වේල්ලේ සිට කිතුල්ගල කලුකොහුතැන්නේ පිහිටි බලාගාරය දක්වා කිලෝමීටර් 3.5කින් යුතු මෙම ප්‍රධාන උමං මාර්ගය හරහා ජලය රැගෙන යෑමෙන් ජාතික විදුලිබල පද්ධතියට වාර්ෂිකව මුදාහැරෙන විදුලි නිෂ්පාදනය ගිගා වොට් පැය 126කි.
මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ඇස්තමේන්තු ගත වියදම අමෙරිකානු ඩොලර් මිලියන 97 කි. චීනයේ කර්මාන්ත හා වාණිජ බැංකුවත් ශ්‍රී ලංකාවේ මහජන බැංකුව සහ හැටන් නැෂනල් බැංකුවත් ඊට මූල්‍ය පහසුකම් සපයා ඇත.
