දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද (19දා) සිට බලාපොරෝත්තු විය හැකි බ ව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත් මධ්‍යම, සබරගමුව, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව හා නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්රික්කයේත සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.