යොහානි පාර්ලිමේන්තුවේදී ඇගයීමට
නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා ඇගයීම සඳහා වන වැඩසටහනක් ලබන අඟහරුවාදා (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එය සංවිධානය කරන බව එම සංසදයේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය.
මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් 19 නිවාරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගිවීමට නියමිතය.
මෙම වැඩසටහන පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවත්වන බව කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය.
යොහානි දිලෝකා ද සිල්වා විසින් ප්‍රතිගායනා කරනු ලැබූ “මැණිකේ මගේ හිතේ” ගීතය මේ වන විට දේශීය හා විදේශීය වශයෙන් ජනාදරයට පත්ව තිබේ.
popular news
-
Rocky Friday, 19 November 2021 11:10 PM
Parlimenthuwa thibenne me wage katayuthu walatada ? Mun okkotoma pissu! Ehema nath nam munwa paarlimenthuwata yawau apata pissu!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

