saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 818 hours ago

LATEST

දේශබන්දු තෙන්නකොන් ලබන අප්‍රේල් 03 දක්වා යළි රිමාන්ඩ්

calendar_today 2025 මාර් 20 - 15:10 remove_red_eye - 304  

පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ලබන අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (20දා) නියෝග කළේය.

මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන අයවැයක්

Read More

පළාත් පාලන මැතිවරණ ලබන මැයි 06 වැකිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් නොවී සේවයට වාර්තා නොකර සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,604ක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මෙරට තුළ සිගරට් සම්බන්ධයෙන් බදු පැනවීම සිදු කරනු ලබන්නේ නිසි ක්‍රමවේදයකට නොවන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර හා මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව කියයි.

Read More

-වාර්ෂිකව අලුතින් හදුනාගැනෙන මුඛ පිළිකා රෝගීන් ගණන 3000ක්

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටන රූකඩයක් බවට පත්වුණු ආණ්ඩුවක් නිර්මාණය වී තිබෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

බලපත්‍රයක් නොමැතිව විස්කි, බැන්ඩ් වැනි විදේශීය මත්පැන් හා බියර් ලීටර් අසූවක් තබා ගත හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයෙහි ප්‍රදර්ශනය කොට ඇති ස්ථිර දැන්විම් පුවරු 401ක් වෙනුවෙන් අයවිය යුතු රුපියල් එක්කෝටි, තිස්නව ලක්ෂ, හාරදහස් පන්සිය අසූනවයක (13,904,589) දැන්වීම් පුවරු ගාස්තු නගර සභාව විසින් අයකොට නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

ජපානයෙන් ආනයනය කර තවමත් රේගුවෙන් නිදහස් කර ගැනිමට නොහැකිවී ඇති වාහන 400ක් පමණ නිදහස් කර ගැනිමට පැවැති නීතිමය බාධා ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙි, වන සංරක්ෂණ නිළධාරීන් විසින් දශක කිහිපයක සිට පවත්වාගෙන එන වන සංරක්ෂණ දෙපාර්තුමෙින්තු අරමුදල රජයට පවරාගැනිමේ සුදානමක් ඇතැයි වන සංරක්ෂණ නිළධාරිහු චෝදනා කරති.

Read More

ගෝලීය වශයෙන් මෙන්ම, දේශීය වශයෙන් ආර්ථික ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වය වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු වැඩ තහනමට ලක්වූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අගුණුකොණපැලැස්ස බන්ධනාගාරය වෙත යොමු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ඩි දිසානායක මහතා පැවසීය

Read More

කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ අංක 1123 ටිකිරි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම අද (19දා) පස්වරුවේ උඩරට දුම්රිය මාර්ගයේ පිළිමතලාව පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී දුම්රියෙන් ගැලවී වෙන්වී ගොස් සිදුවීමට ගිය විශාල අනතුරක් අනූනවයෙන් වැළකී ගිය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

පොලිස්පති ධුරයේ රාජකාරි අත්හිටුවා තිබෙන හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවස සෝදිසි වරන්තුවක් නොමැතිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිවසට ඇතුළු වී පරික්ෂා කිරීම සම්බන්ධයෙන් ඒ මහතාගේ බිරිඳ අතුරුගිරිය පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය.

Read More

වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදු කර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

Read More

අතින් පයින් හා කොසු මිටකින් පහරදී මව ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ ‍පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙමටගොඩ , ආරාමය පෙදෙස පදිංචිව සිටි එම්. ඒ ඩබ්ලිව් .සල්වම්මා නැමැති 65 හැවිරිදි කාන්තාවකි.

Read More

ත්‍රස්තවාදී තර්ජනවලට නිරන්තරයෙන් ලක්වී සිටින තමන්ගෙන් ඉවත් කර ඇති ආරක්ෂක සංචිතය යළි ලබාදීමට රජයට නියෝග කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) ප්‍රතික්ෂේප කළේය.

Read More

අපොස සා/පෙළ විභාග පිලිතුරු පත්‍ර රැගෙන හැටන් ශ්‍රීපාද විද්‍යාලයේ පිහිටවා ඇති විභාග සම්බන්ධීකරන මධ්‍යස්ථානය වෙත ධාවනය වූ වෑන් රථය ත්‍රීරෝද රථයකින් හරස්කර එම වෑන් රථයේ ගමන් ගත් විභාග මධස්ථානයේ ශාලාධිපතිවරයාට සහ උප ශාලාධිපතිවරයාට (18) දින පස්වරුවේ ත්‍රීරෝද රථ රියදුරු බැන වැදුනේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය විමර්ෂණයක් ආරම්භකර ඇත.

Read More

නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකුට බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු සහ තවත් රැඳවියන් දෙදෙනකු අමානුෂික ලෙස පහර දි ලුණු වතුර පෙවීම හේතුවෙන් අසාධ්‍යව මියගිය බව සඳහන් කරමින් ඔහුගේ බිරිඳ කල පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව බොරැල්ල පොලිසිය කියයි.

Read More

සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉමිතියාස් බාකීර් මාකාර් මහතා ඉල්ලු අස් වූයේ තරුණයන්ට අවස්ථාව ලබා දීමේ අරමුණින් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා හෙට (20දා) දක්වා රක්ෂිත බන්දනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දේපළ රාජ සන්තක කිරිම වෙනුවෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද දිනයේදි කරුණු වාර්තා කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් පැමිණි අවස්ථාවේදි තෙන්නකෝන් මහතාද අධිකරණයට භාර වූ බව ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවැසිය.

Read More

විදේශීය සංචාරකයන් ගමන් කරමින් තිබූ වාහන තුනක් හා ලොරි රථයක් දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී 19 දින අනතුරකට ලක්ව එක් විදේශීය කාන්තාවක මියගොස් තවත් විදේශිකයන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුල දිවයිනේ සියළු මුස්ලිම් දේවස්ථානවල ශබ්ද විකාශණ යන්ත්‍ර භාවිතාව සීමා කරන ලෙසත් සිකුරාදා දිනවල ජුම්මා යාඥාය පස්වරු 1.00 ට අවසන් කරන ලෙසත් දිවයිනේ සියළුම මුස්ලිම් දේවස්ථාන වෙත මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

Read More

වෙන්නප්පුව පොලිස් වසමේ දකුණු වයික්කාල ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධකින් පහර දී ඊයේදා) ඝාතනය කර ඇති බවට වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

ජාතික සමගියට හා සංහිඳියාවට හානි වන සහ අවමන් සහගත ප්‍රකාශ පිලිබඳ සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍ර‍ි රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේ කරන ප්‍රකා‍‍‍ ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම තාවකාලිකව අත්හිටුවන බව කථානායකවරයා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා දේශපාලන අධිකාරිය ලෙස පහසුකම් සැපයීමට තම රජය කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

Read More

රජය විසින් ගන්නා ලද වැරදි සහගත ආනයන රෙගුලාසි හේතුවෙන් මේ වනවිට වාහන 400ක් පමණ දින 20කට අධික කාලයක් රේගුව තුළ රඳවා තබාගැනීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.