මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා රටෙන් පිටව ආරක්ෂිත ස්ථානයක සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය
වාර්තා කරයි. මැඩගස්කර් ජනපතිට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සති ගණනාවක් තිස්සේ එරට විරෝධතා පවත්වයි.
තම ජීවිතයට ජීවිතයට එල්ල වූ තර්ජනයකින් අනතුරුව තමන් "ආරක්ෂිත ස්ථානයක" නවාතැන් ගෙන සිටින බව
ඔහු පවසා තිබේ.
ෆේස්බුක් හරහා සජීව විකාශයක් කරමිනි 51 හැවිරිදි රාජොයිලිනා පවසා ඇත්තේ "හමුදා නිලධාරීන් සහ
දේශපාලනඥයන් පිරිසක් තමාව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති" බවයි.
ඔහු සිටින ස්ථානය හෙළි නොකළ නමුත්, තහවුරු නොකළ වාර්තාවලින් පවසන්නේ ඔහු ප්‍රංශ හමුදා ගුවන් යානයකින්
රටින් පලා ගොස් ඇති බවයි.
ඔහුව බලයෙන් පහ කිරීම අරමුණු කරගත්, ප්‍රධාන වශයෙන් තරුණ විරෝධතාකරුවන් විසින් මෙහෙයවන ලද,
දෙසතියක ජාතික විරෝධතාවලින් පසුව එය සිදු විය.