නුවරඑළියට ආවේණික වූ වැවිලි භෝගයන් වල අල, කැරට්, ගෝවා, ලික්ස් වැනි භෝග පහත රට එළවළු ගොවියන් නොමිලේ ලැබෙන පොහොර සහනාධාරයත් අරගෙන ඉතාම අඩු වියදමකින් වගා කිරීම හේතුවෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් නුවරඑලිය සිට ගොස් අඩු මුදලට කැප්පටිපොළින් එළවළු ලබා ගැනීමෙන් නුවරඑළිය වගා බිම් වලින් එළවළු ලබා නොගන්නා තත්වයක් උදාවී ඇති බව ගොවි ජනතාව මැසිවිලි නගති.
වැඩිදුරටත් අදහස් දක්වන ගොවි මහතුන් මෙසේද කීය.
“උඩරට ගොවියාට රජයෙන් කිසිදු සහනාධාරයක් ලැබෙන්නේ නැහැ. උඩරටට ආවේණික එළවළු කිහිපයයි තියෙන්නේ අපිට බැහැ පහතරට වවන බෝග මෙහෙ වවන්න ඒ වගේම වී වගා කරන්න.
රජය විසින් මැදිහත් වෙලා අදාළ පළාත්වලට නිර්දේශ භෝග විශේෂයන් ලබා දෙන්න ඕන.
එසේත් නැතිවුණා නම් හැම තැනම එළවළු වවන්න ගියා නම් අතිරික්තයක් ඇතිවෙලා නුවරඑළියේ එළවලු ගොවියන්ට දැඩි හානියක් සිද්ධ වෙනවා.
තෝර එළිය ආර්ථික මධ්‍යස්ථාන අවට ප්‍රදේශවල එළවළු ගලවන්න එන්නේ නැහැ ආර්ථික මධ්‍යස්ථානය වෙළඳුන්.
ඊට වඩා අඩු මුදලට ගිහින් කැප්පෙටිපොළ එළවළු ගලවන් ඇවිල්ලා වැඩි මුදල් ලාභෙකුත් තියාගෙන ඊට අමතරව කොමිස්මුදලකුත් තියාගෙන විකුණන මාෆියාවක් ක්‍රියාත්මක කරනවා ආර්ථික මධ්‍යස්ථාන වෙළදුන්.
අපේ එළවළු දැන් ගලවන තත්වෙ තිබෙන්නේ එළවළු ගලවන්න එන්න කියල සති ගානක් වෙනවා අපේ එළවළු වත්තෙම කුණු වෙනවා.
තව ටික දවසක් ගියාම අපිට වෙන්නේ එළවළු ටික ගලවල කොම්පෝස්ට් ගහන්න. එළවළු කිලෝවක් නිෂ්පාදනය කරන්න අපිට යනවා රුපියල් 150ක් විසිඑකට වැඩි මුදලක්.
පහතරට ගොවීන්ට එහෙම විශේෂ මුදලක් වියදම් වෙන්නේ නෑ මොකද අතුරු බෝගයක් හැටියට තමයි පැති පැතිවල එළවළු වගා කරන්නේ. ඒ නිසා ඔවුන්ට තුට්ටුවට දෙකට එළවළු විකුණු උනත් ලාභ විතරයිි පාඩු නෑ.
මේ ගැටළු සියල්ල පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය හා රජය මැදිහත් වෙලා නිසි ක්‍රියා මාර්ගයක් අරගෙන නුවරඑළිය ගොවියන් ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් සකස් කර දෙන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.”
ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය



