තලාව, රත්මල්ගහවැව පාර ප්‍රදේශයේ මුදුනේගම පාසල අසල හිස් උණ්ඩ කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් අද (14) සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අදාළ උණ්ඩ තොගය T-56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ වන බවය. එහි T56 හිස්කොපු 15,000කට ආසන්න සංඛ්‍යාවක් හා T 56 ජීව උණ්ඩ රැසක්ද පවතින බව පොලීසිය පවසයි.
මුදුනේගම ප්‍රදේශයේ වගුරු බිමක පතොරම් තොගයක් ඇති බවට තඹුත්තේගම පොලීසියට ප්රදේශවාසියකු කළ දැනුම්දීමකට අනුව පොලීසිය මෙම පතොරම් හිස් කොපු තොගය අද (14) උදෑසන සොයා ගෙන ඇත.
මෙම හිස් පතොරම් කොපු සහ පතොරම් දිරාපත්ව තිබෙන බැවින් ඒවා වසර කීපයකට පෙර අදාළ වගුර බිමට දමා තිබෙන බවට සැක පළ කරක බව පොලීසිය පවසයි.
යුධ හමුදා හෝ පොලිස් අභ්‍යාස විද්‍යාලයන්හී පුහුණුව ලැබීමට යොදා ගන්නා උණ්ඩ වල හිස් කොපු තොගයක් මෙලෙස වසර කීපයකට පෙර ගෙනැවිත් දමා ඇත්දැයි සැක පවතින බවද ප්‍රදේශවාසීහූ පවසති.
මෙතරම් හිස් කොපු ප්‍රමාණයක් මෙම වගුරු බිමට කෙසේ පැමිණියේද යන්න සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වයි. අදාළ උණ්ඩ තොගය සම්බන්ධ වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරනු ලබයි.


