කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
හිටපු නාවික හමුදාපතිවරයා ජූලි මස 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය සැකකාර නාවික හමුදාපතිවරයා අද දිනයේදී කුරුණෑගල මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප හිමිවිය.