2021 සිට 2024 දක්වා සංවිධානාත්මක අපරාධකරුවන්ට අයත්ව තිබූ රු. කෝටි 3902ක වත්කම් රජය සතු කර ගැනිමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී වූට්ලර් මහතා පැවැසීය.
2025 වසරේ මේ දක්වා අපරාධකරුවන්ට අයත් රු. කෝටි 73ක් රජය සතු කර ගැනීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවැසීය. අපරාධකරුවන්ට අයත් රන් පවුම් 354ක්, වාහන 72ක්, අක්කර 37, ගොඩනැගිලි 35, මුදලින් රු. කෝටි 67ක් මෙසේ රජය සතුකරගෙන ඇති බවද ඔහු පැවැසීය.