කන්ටේනර් නිදහස් කිරීම හා අමාත්‍ය මණ්ඩල සංශෝධනය අතර කිසිම සම්බන්ධතාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසිය.
"මම හිතන්නේ මාධ්‍ය යේ ඉන්න ඔබ අර විපක්ෂයේ ඉන්න සජිත්ට දසාසිරිට වඩා බුද්ධිමත් වෙන්න ඕන කියලා. ඒ මොකද කන්ටේනර් සිදුවිමයි අමාත්‍ය මණ්ඩල සංශෝධනයයි අතර කිසිම සම්බන්ධයක් නෑ. කන්ටේනර් සිදුවීමයි. අමාත්‍ය මණ්ඩල සංශෝධනයයි ගැන අපි කථා කරලා තියෙනවා. ඒ සිදුවිම ගැන පරික්ෂණ කමිටුවක් දැම්මේ ජනපතිවරයා."