නව වසරේ ගෙවුණු මුල් දින හතරේ පමණක් සංචාරකයින් 11,380ක් මෙරටට පැමිණ ඇති අතර එය සංචාරක කර්මාන්තය නැංවිම සඳහා ගෙනයන වැඩපිළිවෙළේ සාර්ථකත්වය පෙන්නුම්කරන්නක් යැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඒ අනුව වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එරටින් සංචාරකයින් 2032ක් පැමිණ ඇත. ඉන්දියානු සංචාරකයින් 1809ක්, යුක්රේන් සංචාරකයින් 1041ක්, ජර්මන් සංචාරකයින් 775ක්, එංගලන්ත සංචාරකයින් 709ක්, කසකස්තාන් සංචාරකයින් 506ක්, මාලදිවයින් සංචාරකිය්න 506ක්, ඕස්ට්‍රේලියානු සංචාරකයින් 420ක්, ප්‍රංශ සංචාරකයින් 414ක් හා පෝලන්ත සංචාරකයින් 282ක් ජනවාරි මාසයේ මුල් දින හතරේ මෙරටට පැමිණ තිබේ.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වඩා දැමුණු රට නැවත සංචාරකයින්ට විවෘත කිරීමෙන් පසුව 2021 වසරේ සංචාරකයින් 194888ක් මෙරටට පැමිණ ඇත. ජනවාරි මාසයේ 1682ක්, පෙබරවාරි මාසයේ 3305ක්, මාර්තු මාසයේ 4561ක්, අප්‍රේල් මාසයේ 4161ක්, මැයි මාසයේ 1497ක්, ජුනි මාසයේ 1614ක්, ජුලි මාසයේ 2429ක්, අගෝස්තු මාසයේ 5040ක්, සැප්තැම්බර් මාසයේ 13547ක්, ඔක්තෝම්බර් මාසයේ 22771ක්, නොවැම්බර් මාසයේ 44297ක් හා දෙසැම්බර් මාසයේ 89506ක් ලෙස සංචාරකයින් පැමිනීම වර්ධනය වී ඇත.