ශ්රී ලංකාවේ කිරිපිටි හිඟය මේ මස අවසන් වන තෙක් පවතිනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන් පවසයි.
ඔවුන් පවසන්නේ කිරිපිටි රැගත් නැවක් යළිත් ශ්රි ලංකාවට පැමිණෙනු ඇත්තේ මේ මස අවසානයේදි හෝ ලබන මස මුලදී බවයි.
කිරිපිටි සමාගම් මේ වන විටත් ආනයනික කිරිපිටි මිල ඉහළ දමා තිබේ. ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345ක් දක්වාත් ග්රෑම් 400ක කිරිිපිටි පැකට්ටුවක් රුපියල් 540ක් දක්වාත් ඉහළ නංවා තිබේ.