ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී මුහුණ දී ඇති තත්ත්වය අනුව කළ යුතු වන්නේ ඉන්න අය එළියට දැමීම නොවන බවත් විපක්ෂයේ සිටින අයත් එකතු කරගෙන සම්මුතියක් ඇති කර ගැනීම බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
මාලඹේදී ඊයේ (05දා) පැවැති වැඩසටහනකින් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"අපි මේ වෙලාවේ විපක්ෂයේ ඉන්න අයත් එකතු කරගෙන සම්මුතියක් ඇතිකරගෙන රට මුහුණ දීලා ඉන්න පළල් එකඟතාවක් ඇති කර ගන්නා වෙලාවක්. එහෙම අවස්ථාවක ඉන්න අය එළියට දැමීම නෙමෙයි කළ යුත්තේ. එළියේ ඉන්න අයත් එකතු කරගෙන හැකිතාක් එකඟතාවයකින්, ජාතික සම්මුතියක් ඇතිකරගෙන මේ අර්බුදයෙන් ගොඩ ඒමට රටට අවශ්‍ය මැදිහත්වීම කරන එකයි.
මේ තත්ත්වය ඇමතිවරයෙක්ගේ දෙන්නෙක්ගේ පෞද්ගලික අසමත්කමක් ලෙස දැකීම මම හිතන්නේ නැ නිවැරදියි කියලා. ඊට වඩා පුළුල් චිත්‍රය අපි දැකිය යුතුයි. එහෙම දැක්කොත් විතරයි විවේචනය කරන අයට මේක නිවරදිව දකින්න පුළුවන්."