saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 6498 hours ago

LATEST

නිරෝධායන නීති උල්ලංඝනය කළ 665 දෙනෙකු අත්අඩංගුවට

calendar_today 2021 සැප් 07 - 06:40 remove_red_eye - 93  

ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 665 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ලොව ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය, සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඉදිරි මාසවලදී ආසියානු පාරිභෝගිකයන් සඳහා සියලුම බොරතෙල් මිල අඩුකළ බව නිවේදනය කරයි.

Read More

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මගින් ප්‍රවාහනය කළ බස්රථ 80ක මාර්ග බලපත්‍ර අත්හිට වු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.

Read More

කුරුණෑගල නාවින්න හන්දියේ සුඛෝපභෝගී ජීප් රථයක් මීට සුළු මොහොතකට පෙර හදිසියේ ගිනි ගැනීමට ඇතැයි පොලිසිය කියයි.

Read More

කොවිඩ්-19 තුරන් කිරීමේ උපායමාර්ගයේදී රට තුළ එන්නත්කරණය සහ අගුලු දැමීම මත ක්‍රියාකරමින් සිටින නවසීලන්තයේ, රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වනවිට එහි මුළු ජනගහනයෙන් 27%කට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන්ය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 928 දෙනෙකු අද දිනයේ හදුනගෙන තිබේ.

Read More

ඊයේ (05) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍180 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 7 දෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 40 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 133 දෙනෙකු අයත්.

Read More

පාපන්දු ලෝකයේ මෙන්ම, බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක පේලේ සිය මහ බඩවැලේ ඇති වූ සැකකටයුතු ගෙඩියක් හේතුවෙන් හදිසි ශල්‍යකර්මයකට බඳුන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති බව එම අධිකාරියේ සභාපති වෛද්‍ය රසික විජේවන්ත මහතා පවසනවා.

Read More

එසේම එසේ රජයේ භාරයට ගත් සීනි තොග අත්‍යාවශ්‍ය ආහාර කොමසාරිස් කාර්යායලය හරහා දිවයිනෙහි සියලුම මධ්‍ය හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් මාර්ගයෙන් දීප ව්‍යාප්තව බෙදා හැරීමටද මේ වන විට කටයුතු සූදානම් කර ඇති බවද එම කාර්යාලය පවසයි.

Read More

සීනොවැක් හි කොරෝනාවැක් එන්නත එරට එන්නත් කිරීමේ ව්‍යාපාරයේ කොඳු නාරටිය වී ඇති අතර, මේ දක්වා රටේ මිලියන 19ක වැසියන්ගෙන් මිලියන 13කට වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම එන්නත් කර ඇත. එහිදී කොරෝනාවැක් මාත්‍රාවන් මිලියන 19.49ක් මුළුමනින්ම නිකුත් කර ඇත.

Read More

දැනට දිවයින පුරා පවතින කොවිඞ් වසංගත හේතුවෙන් රෝගීන් සහ මෘතදේහ ප‍්‍රවාහනය කිරීම සදහා ගිලන්රථවල අවශ්‍යතාව ඉතාමත් ඉහළ ගොස් ඇති නිසා විවිධ හේතුන් මත ධාවනයෙන් ඉවත් කොට තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ගිලන් රථ කඩිනමින් අලූ‍ත්වැඩියා කර ධාවනයට සුදුසු අයුරින් සකස් කොට ලබාදීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපත් වී ඇත.

Read More

එලඹෙන 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ’ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 සහ 2021’ දින නියමයකින් තොරව කල්දමා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ජපානය තුළ කොරෝනා වසංගතය තවදුරටත් පාලනය කිරීම සඳහා දැනට සැප්තැම්බර් 12දායින් අවසන් වීමට නියමිතව තිබෙන ටෝකියෝවේ සහ ඒ අවට හදිසි නීතිය දීර්ඝ කිරීමට ජපාන රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

Read More

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳපොළ තොග වෙළඳාම සඳහා යළි සැප්තැම්බර් 9 සහ 10 දෙදින විවෘත කිරීමට නියමිතය.

Read More

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්දයෙන් සම්මත වී ති​බේ. එම යෝජනනාවට පක්ෂව ඡන්ද 132 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 51 ලැබී තිබිණි.

Read More

දකුනු අප්‍රිකාණු කණ්ඩායම සමග හෙට (07) පැවැත්වෙන 03 වන ස​හ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් එකක් හෝ දෙකක් සිදු විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සඳහන් කර සිටියි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (06) දින උදැසන සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට බස් නැවතුම්පොලට පිවිසෙන මාර්ගය ගිලා බැසිමට සක්‍රිය වි ඇති නිසා එම මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු අද දින දහවල් සිට තාවකාලිකව තහනම් කල බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

ආදායම් අහිමිවූවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව ලබාදීම සම්පූර්ණයෙන් ම අවසන් කර ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකාය පවසා සිටියි.

Read More

මහ බැංකු මංකොල්ලකරුවන් අත්අඩංලුවට ගන්නා බවට සඳහන් කරමින් බලයට පැමිණි ආණ්ඩුව වර්ථමානයේ එම මංකොල්ලකාරයන්ට විශ්‍රාම වැටුප් ලබා දීමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසීය.

Read More

සිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයේ දර කැඩිමට ගිය අවු 25 හැවිරිදි තරුණියක් අතුරුදහන් වි ඇති බවත්, අතුරුදහන් තරුණිය සොයා යුධ හමුදාව,පොලිසිය සහ ඩන්සිනන් වතු යායේ වතු කම්කරුවන් එක් ව අද දින උදැසන සිට රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

Read More

වර්තමාන ආණ්ඩුව සියල්ල දත් ආණ්ඩුවක් නොවන බැවින් භාණ්ඩ මිල අඩු කිරීම සඳහා විපක්ෂයේ යෝජනා තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත් එම යෝජනා පිළිගැනීමට සූදානම් බවත් සමූපකාර සේවා, අලෙවි සංවර්ධ හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහ 20 වැනි සංශෝදනය හරහා අධික බලයක් ලබා ගත් ආණ්ඩුව එම බලයද ප්‍රමාණවත් නොවී හදීසි නීතියද අවශ්‍ය බවට සඳහන් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (6) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 1125 දෙනෙකු හමුව ඇති අතර මින් 171 දෙනෙකු වන වැඩිම පිරිසක් හමුව ඇත්තේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඔහුගේ බිරිඳ සහ මාමණ්ඩිය සැප්තැම්බර් 17 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

Read More

තොග වෙළෙඳාම සඳහා පමණක් දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන අද දිනයේත් විවෘතව තැබෙනවා.

Read More

මෙරට මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යෑමට පුරෝගාමී වූ පුද්ගලයෙකු ලෙස ජිනදාස ගුරුගේ මහතා සැලකේ. මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස දුප්පතුන්ට මුදල් බෙදාදීම ආරම්භ කළේද ගුරුගේ මහතායි. ඔහු ප්‍රකට සමාජ සේවකයෙකි. විහාරාස්ථාන ගණනාවක්ද ගුරුගේ මහතා ව්සින් ගොඩ නගා තිබේ. අවසන් කටයුතු හෙට (07දා) සිදු කිරිමට නියමිතය.

Read More

’’අපේ රටේ උපන් බවට සඳහන් වූ කෘරතර ත්‍රස්තවාදියෙක් නවසීලන්තයේදී සිදුකළ ඒ කණගාටුදායක කෘරතර ක්‍රියාව අපි හෙළා දකිනවා. නවසීලන්තයේ රජය හා ජනතාව සමග ඒ ශෝකය අපි බෙදා ගන්නවා. එවැනි ක්‍රියාවලියකට ඉඩ නොතබා ත්‍රස්තවාදයේ දරුණුකම හදුනාගෙන කටයුතු කිරීමේ වැදගත්කම ජාත්‍යන්තරය හරහා අද යළිත් මතු වී තිබෙනවා”

Read More

මෙරට තිබෙන ආහාර මාෆියාව පාලනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදීසි නීතිය පැනවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.