මහනුවරට ද්විත්ව උමං මාර්ගයක්
මහනුවර නගරයේ පවතින අධික වාහන තදබදයට විකල්පයක් වශයෙන් ප්‍රවේශ ස්ථාන හතරකින් යුක්තව ද්විත්ව උමං මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ.
කිලෝමීටර් 5.5ක දිගකින් යුතුව ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම උමං මාර්ගය ඇමෙරිකානු ඩොලර් මිලියන 252ක වියදමෙන් කොරියානු ආධාර සහ ශ්‍රී ලංකා රජයේ ආයෝජනයෙන් ඉදි කිරීමට යෝජිතය.
දෙයියන්නේවල සිට සුදුහුම්පල දක්වා මීටර් 900ක දිගින් යුතුවද, සුදුහුම්පල සිට බෝගම්බර දක්වා මීටර් 660ක දිගින් යුතුවද, අම්පිටියේ සිට රතු බෝක්කුව දක්වා මීටර් 1,120ක දුරින් යුතුවද, රතු බෝක්කුව අසල සිට තැන්නෙකුඹුර දක්වා මීටර් 1,680ක දුරින් යුතුවද මෙම උමං මාර්ග පද්ධතිය ඉදි කිරීමට සැලසුම් කර තිබේ.
ඇමෙරිකානු ඩොලර් මිලියන 252ක මුදලක් ඇස්තමේන්තුගත මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 199ක මුදලක් කොරියානු ආධාර වශයෙන් හිමිවන අතර, සෙසු මුදල දරනුයේ ශ්‍රී ලංකා රජය විසිනි.
එම ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භ වී 2026 වසරේදී නිම කිරීමට නියමිත බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්යක්ෂ ඩබ්ලිව්.එම්. ගුණසිංහ මහතා පවසා සිටියේය.
ෂේන් සෙනෙවිරත්න
popular news
-
Kumar Thursday, 09 December 2021 03:50 PM
oya kiyanne waday maykapay siduwena deyak nove. maywanideyak patanganna wasara kihipayak gathwenawa, E witharak nove widama piyawanna rata ukaskaranna wenawa. mama liyana deyata akamathi uvata eka thama sathya.
Reply : 7 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

