එන්නත්කරණය නිසි ලෙස සිදුවිම නිසා කොරෝනා මරණ අඩුයි
කොරෝනා මරණ සැලකිය යුතු ලෙස ශ්‍රී ලංකාවේ අඩු විමට බලපා ඇති ප්‍රධානම කරුණ ලෙස බලපා ඇත්තේ නිසි ආකාරයෙන් කෝවිඩ් එ එන්නත්කරණය නිසා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
උපුල් රෝහණ මහතා මේ බව පවසා සිටියේ කෝවිඩ් මරණ අඩුවිමට කුමන කරුණක් බලපා ඇත් දැයි කල විමසිමට අදහස් දැක්වමිනී.එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඔහු.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු අයුරින් කොරෝනා මරණ අඩු විමට බලපා ඇත්තේ නිසි එන්නත් කරණය බවට කිසිදු සැකයක් නැහැ.
එන්නත් කරණය කෝවිඩ් මරණයට වළක්වා ගැනිමට තිබුන වැදගත්ම කරුණක්. ඒවාගෙම නිසි සෞඛ්‍ය පුරුදු දිගින් දිගටම පවත්වාගෙන යාම වැදගත්.
ඒ අයුරින්ම කොවිඩ්-19 වසංගත තත්වය වගේම නව ප්‍රභේද වර්ධනය වීම වැනි තත්ත්ව වළක්වා ගැනීම සඳහා එන්නත් ලබාගැනීමට නිර්දේශ වයස් කාණ්ඩ වල සියලුම පුරවැසියන් එන්නත්කරණය ඉතා වැදගත් කරුණක්.
ලංකාවේ සියලුම පුරවැසියන් කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කිරීමට දායකයකු වීම යුතුකමක් හා වගකීමක්.
විශේෂයෙන් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නව වගේම ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටින එන්නත් ලබා නොගත් කුඩා දරුවන් සහ ප්රතිශක්තීකරණය ඌනතා සහිත වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීම සඳහා එන්නත්කරණය ඉතා හොඳ පිටුවහලක් වෙනවා.
වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව ලංකාවේ මේ වන විට මරණ සංඛ්‍යාව අඩු වී තිබෙනවා. එන්නත් ලබා ගැනීම නිසා බව අපි එය අවිවාදයෙන් පිළිගතයුතුයි.
මේ වෙද්දි ලංකාවේ කොවිඩ් -19 සියලුම එන්නත් ලබා ගත් අවුරුදු 60 ට වැඩි අයවලුන් සඳහා තුන්වෙනි පූරක එන්නත් මාත්‍රාවක් ලබා දෙමින් පවතිනවා.
ඒ වාගේම යම්කිසි ආබාධ සහිත සහ ප්‍රතිශක්තීකරණ ඌනතා අයට තුන්වන මාත්‍රාව ලබා දෙනවා. වයස අවුරුදු 20 ට වැඩි ට වැඩි එන්නත් ලබා ගත් සියලුම දෙනාට දෙවන මාත්‍රාවෙන් මාස හයකට පසු පූරක මාත්‍රාවක් ලබා දීමට කටයුතු කරමින් පවතිනවා.
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
popular news
-
Demuni Uduwara Friday, 10 December 2021 02:29 PM
Read daily deaths of South Asian countries. The highest deaths per million of population are reported from our country amounting to 676. India, Bangladesh and Pakistan report 339,168
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

