2008න් පසු ඉපදුණ අයට සිගරට් අලෙවිය තහනම්
දුම්බීමෙන් ක්‍රමයෙන් ඉවත්වීමේ නවසීලන්ත වැඩසටහනට සමගාමීව 2008 වසරෙන් පසුව ඉපදුණ පුද්ගලයන්ට දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමට නවසීලන්තය කටයුතු කර තිබේ.
ලබන වසරේ සිට ක්‍රියාත්මක වීමට මෙම නවනීතියේදී 2008 වසරෙන් පසුව උපන් කිසිවෙකුට ඉදිරියේදී සිය ජීවිත කාලය තුළදි නවසීලන්තයේදී දුම්වැටි මිලදී ගැනීමට අවස්ථාව හිමි නොවනු ඇත.
දුම්වැටි භාවිතය හේතුවෙන් ඇතිවන සෞඛ්‍යමය ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් නවසීලන්තය මෙම තීරණය ගෙන තිබේ.
නවසීලන්තය ක්‍රමයෙන් දුම්බීමෙන් ඉවත්වීමේ රටක් ලෙසට පත්වීමට කටයුතු කරමින් සිටින අතර 2025 වන විට දුම්බීම සියයට 5කින් අඩු කිරීමට නවසීලන්තය අපේක්ෂා කරයි.
නවසීලන්තය දුම්බීම සීමා කිරීමේ තවත් එක් පියවරක් වශයෙන් සුපිරි වෙළඳසැල්වලින් දුම්වැටි අලෙවි කිරීමද තහනම් කර තිබේ.
popular news
-
samson de silva Saturday, 11 December 2021 04:02 AM
Balaagena giyaama thakathiru gon weda karanne lankawe (mathakada rasaayanbika pohora thahanama) aanduwa witharak noweyi. Den ithin underground tobacco karmaanthayata sepa thamayi. Kollo, kello thamangema cigarette othaagena gahayi. Wenne onna okayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

