saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

Latest News - timelapse 6992 hours ago

LATEST

යුද්ධයෙන් හානි වූ ජල ටැංකියක් හමුදාවෙන් පුපුරවයි

calendar_today 2021 නොවැ 16 - 14:54 remove_red_eye - 899  

මන්නාරම උප්පුකුලම් කොන්තෙයිපිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි වසර 45 කට වඩා පැරණි අබලන් තත්වයේ තිබූ පානීය ජල ටැංකියක් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පුපරවා බිම හෙලීමට යුදහමුදාව විසින් ඊයේ (15) සවස පියවර ගනු ලැබීය.

[UPDATE] සමගි ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් ගාලු කොළඹ ප්‍රධාන මාර්ගය කොල්ලුපිටිය ප්‍රදේශයෙන් අවහිරවී තිබේ.

Read More

මේ මාසයේ මුල් දෙසතිය තුල සංචාරකයන් 19,222කු දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. නොවැම්බර් 01 වෙනිදා සිට 14 වෙනිදා දක්වා කාලය තුල මෙම සංචාරකයන් පැමිණ තිබේ. රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු මේ දක්වා දිවයිනට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 80,310ක් බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

සිනමාව කර්මාන්තයක් ලෙසට ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Read More

රට මුහුණ දී ඇති අභියෝග ජය ගැනීමට අප ක්‍රියාත්මක කරන තිරසාර විසඳුම් වැඩ පිළිවෙල සමඟ අත්වැල් බැඳගෙන රටේ ඉදිරි ගමනට දායක වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

Read More

රජයේ පාසල්වල මෙතෙක් විවෘත කර නොමැති 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පන්ති ලබන නොවැම්බර් 22 වන සඳුදා ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසා සිටියි.

Read More

සමගි ජන බලවේගය විසින් (16) දින කොළඹදි පැවැත්විමට නියමිත උද්ඝෝෂණයට සහභාගි විම සදහා නුවරඑලිය ප්‍රදේශයෙන් කොළඹට පැමිණෙමින් සිටි සමගි ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් ආපසු හරවා යැවිමට පොලිසිය කටයුතු කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඉන්ධන හිඟයක් නොමැති බව රජය ප්‍රකාශ කරයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ ඉන්ධන එක්රැස් කර ගැනීමෙන් වළකින ලෙසයි.

Read More

ප්‍රකාශයක් ලබාදීම සඳහා ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් මීට ටික වේලාවකට පෙර අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුව වෙත පැමිණ තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 253,860,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාදීමේ කටයුතු හෙට (17) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.

Read More

රුපියල් මිලියන 2000කට වැඩි ආදායමක් උපයන සමාගම්වලින් එක් වරක් පමණක් ගෙවන සියයට 25ක බද්දක් අය කළේ එම සමාගම් සමග ඇති තරහකට නොවන බවත් ජනතාවට ඇති ආදරය නිසා බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

අද (16) සිට මේ මස 30 වනදා දක්වා ක්‍රියාත්මක වන ලෙස නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

Read More

තෙල් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැටලුවකට පත්වෙනු ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

චීනය සිරියාවට කොවිඩ්-19 එන්නත් මාත්‍රා 500,000ක් පරිත්‍යාග කර ඇති අතර, ඒවා භාරදීම සිරියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී සිදුවිය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල​ට විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

ලබන වසරේදී ලිබියාවේ පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා ලිබියානු හිටපු නායක කර්නල් මුවම්බර් ගඩාෆිගේ පුත් සියිෆ් අල් ඉස්ලාම් අල් ගඩාෆි ඉදිරිපත්වීමට අදාළ ලිපි ලේඛණවලට අත්සන් කර තිබේ.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං මෙම අදහස් පළ කළේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග අථත්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

Read More

මධ්‍යම අධිවේගි මාර්ගයේ සිට කුරුණෑගල දක්වා වන කොටස මේ මස අවසන් වන විට විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (15දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් පැය 07කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියහ.

Read More

ත්‍රස්තවාදී සිද්ධියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ලිවර්පූල් රෝහල ඉදිරිපිට සිදුවූ පිපිරීමකින් පසු බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත තර්ජන මට්ටම ’සැලකිය යුතු’ සිට ’දරුණු’ මට්ටම දක්වා ඉහළ නංවා තිබේ.

Read More

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගැන්වීම අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

​සියයට 50ක ධාරිතාවක් යටතේ අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා අවසර ලබාදිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබේ.

Read More

ජර්මනිය තුළ සීත සෘතුව සමග යළිත් ආසාදන වැඩිවීම එරට දේශපාන කරළියේද ආතතීන් වැඩිකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතුළු බොහෝ පිරිස් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත් කොවිඩ් පාලනය ඇතැමුන් විරෝධතා උද්ඝෝෂණ ඔස්සේ හිතාමතා විනාශ කිරීමට පහත් මට්ටමේ උත්සාහයන් ගනු ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

එසේම මිල පාලනය ක්‍රියාත්මක නොවීමත් ප්‍රශ්ණයක් අවම වශයෙන් ප්‍රධාන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහාවත් මිල පාලනයක් අවශ්‍යයි. එසේ නොමැති නම් ස්ථිර වැටුපකින් ජීවත් වන අයට මේ තත්ත්වය දරාගන්න අපහසුයි. ඒ නිසා අප ඒ අය වෙනුවෙන් යම් දෙයක් කළ යුතුයි. ඒ අය සඳහා සහනයක් ලබාදිය යුතුයි.

Read More

නව සීමාවන් කඩ කළහොත් ඩොලර් 1,660ක් දක්වා දඩ මුදලකට යටත්වීමට සිදුවන අතර, සියලුම ස්ථානවලදී පුද්ගලයන්ගේ එන්නත් ලබාගත් තොරතුරු පරීක්ෂා කිරීම සිදුවනු ඇත.

Read More

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් මීට ටික වේලාවකට පෙර පිටව ගොස් තිබේ.

Read More

මීරිගම ප්‍රදේශයේ ගිලා බැසීමට ලක් වූ දුම්රිය මාර්ගය තාවකාලිකව පාලමක් යොදා යථා තත්ත්වයට පත් කෙරෙමින් පවතිනවා.

Read More

මේ දිනවල පවතින අධික වාර්ෂාව නිසා හානියට පත්ව ඇති වගා කළ කුඹුරු ඉඩම්වල හානිය තක්සේරු කොට එම ඉඩම් හිමි ගොවීන්ට සහන ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.