නව ඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇත. ශ්‍රී ලංකාව සතු තෙල් සහ ගෑස් නිධි භාවිත කරමින් ඛණිජ තෙල් සහ ගෑස් නිෂ්පාදනය මෙරට තුළ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සහ නියාමන යාන්ත්‍රණය සැකසීම, එමඟින් ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ ආයෝජකයින් මෙරට ඛණිජ තෙල් ගවේෂණය සඳහා ආකර්ෂණය
ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමුවරට නිල හැඳුනුම්පතක් ලබාදීම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අදට යෙදුන ගුරු දිනයේ දී සිදුවිය.
Read Moreඔක්තෝබර් මස 21 වනදා සිට ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපනික ආයතන නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreපැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් ආකාරයට නිරූපමා රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් මුදල් රැස්කර ඇත්තේ 1990 හා 1998 අතර කාලය තුළ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා සිටියි.
Read Moreත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සම්පූර්ණයෙන් ඉන්දියාවට ලබා දී තිබෙන බවට ඛණිජතෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිදු කළ ප්‍රකාශය දේශද්‍රෝහී ප්‍රකාශයක් බවත් එම තෙල් ටැංකි ඉන්දියාවට ලබා දී නොමැති අතර අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි කළ යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
Read Moreගිනි අවි සඳහා බලපත‍්‍ර හිමි පුද්ගලයින් හා ආයතනයන්හි 2022 වසර සඳහා ගිනි අවි බලපත‍්‍ර අලුත් කිරීම 2021 දෙසැම්බර් මස 01 වැනිදා සිට 2022 පෙබරවාරි 28 දක්වා ආරක්ෂක අමාත්‍යංශය මගින් සිදුකරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
Read Moreතොරතුරු තාක්ෂණය සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ නිර්මාණය කරන අශ්ලීල හෙවත් අශිෂ්ට ප්‍රකාශන සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට පනත් කෙටුම්පතක් සකස් කර ඇත.
Read Moreකාබනික පොහොර වැඩපිළිවෙලෙන් කිසියම් ගොවියකුට අගතියක් වී ඇති බව වාර්තා වී ඇත්නම් ඔවුන් සඳහා වන්දි ලබාදීමට කටයුතු කරන බවත්, අස්වැන්න අඩුවී යම් අලාභයක් වී ඇත්නම් එය ගණනය කිරීම මේ වසර අගදී සිදු කරන බවත්, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
Read Moreපැන්ඩෝරා පත්‍රිකා මගින් කර ඇති හෙළිකිරීම් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසත් තමන් හා තම බිරිඳ (නිරූපමා රාජපක්ෂ) සම්පුර්ණයෙන්ම අහිංසක බවත් ව්‍යාපාරික තිරු කුමාර් නඩේෂන් පවසයි.
Read Moreගෑස් (LP) නිෂ්පාදනය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ සමාගමක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
Read Moreජාතික සම්පත් විදේශයන්ට විකිණීම සම්බන්ධයෙන් රජයේ තීරණ වෙනස් නොවන්නේ නම් දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානම් බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසා සිටියි.
Read Moreඋතුරේ ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරාලීමේ දැවැන්තම වැඩසටහනක් අද පැවැත්වුණා.
Read Moreනෙළුම් කුළුණ ආසන්නව බේරේ වැව ආශ්‍රිතව නවින ජල සංදර්ශන උද්‍යානයක් ඉදි කිරීම, ආහාර අලෙවිසැල් ස්ථාපනය කිරිම, නෙළුම් කුළුණේ කාර්ය මණ්ඩල කණ්ඩායම් සඳහා කාර්යාල, නවාතැන් හා යටිතල පහසුකම් ඒ ආශ්‍රිත පරිශයේ ඉදිකිරිම, සැලසුම්කර ඇති රථගාල පුළුල් කිරීම ආදී සංවර්ධන කටයුතු සිදුකිරීමට රජයේ අවධානය යොමුකර තිබේ.
Read Moreඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම සම්බන්ධව චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගත කළ එපික් ලංකා ටෙක්නොලොජි ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා මෙම මස 18 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා අද නියෝග කළේය.
Read Moreත්‍රිකුණාමලය පිහිටි තෙල් ටැංකි සංකිර්ණය ඉන්දියාවට පවරාදීම පිළිබඳව පාර්ලිමේන්තුව තුළ අද (6දා) දිනයේදී අමාත්‍ය උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල හා කබීර් හෂීම් මහතා අතර වාදයක් ඇතිවිය.
Read Moreත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සියල්ල ඉන්දියාවට ලබා දී ඇති බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශයක් කළ බවත් එය අසත්‍ය ප්‍රකාශයක් වන අතර අදාල ප්‍රකාශය නිවැරදි කිරීමට ඔහු කටයුතු කළ යුතු බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
Read Moreලොව පුරා ආන්දෝලනයක් ඇති කළ පැන්ඩෝරා පේපර්ස් නමින් හෙළිකළ වත්කම් සටහන්වල නම් සටහන් සියලු ම ශ්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත.
Read Moreවිදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින විදේශ සේවා නියුක්ති කාර්යාංශය යොමු කරන අය එන්නත් කිරීමේ වැඩසටහනක් යුද හමුදා රෝහල මගින් හෙට ආරම්භ කරන බව යුද හමුදාපතිවරයා පවසනවා.
Read Moreමෙම නෞකාව කොළඹ වරායට පැමිණියේ පළමු අවස්ථාවට වන අතර කොළඹ වරායද ඇතුළත්ව එම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේ වරායවල් 24කට පමණි.
Read Moreමෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 57,429 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.
Read Moreසේවා ඉල්ලීම් 08ක් මුල් කරගෙන රජයේ රෝහල්වල සේවය කරන හෙද ,පරිපුරක වෛද්‍ය සේවා ,අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීන් 20කට පමණ අයත් සෞඛ්‍ය වෘත්තිකයෝ ලබන සිකුරාදා සිය සේවා ස්ථානවලින් ඉවත් වී දීපව්‍යාප්ත එක් දින සංකේත වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති 44කින් සමන්විත සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි .
Read Moreපැන්ඩෝරා පත්‍රිකා මඟින් අනාවරණය වී තිබෙන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම රටට හෙළදරවක් කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියි.
Read Moreඅද (06) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 172දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreදරුවන් භාවිතා කරමින් දුම්රිය,බස්රථ,ආදි පොදු ස්ථානවලදි මෙන්ම නගරබද මාර්ග තදබදයන්හි කුඨ ලෙස යාචක ව්‍යාපාරයක නිරතවන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.
Read Moreපැන්ඩෝරා පේපර්ස් හෙළිදරුව්වෙන් ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියට හා ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශනයක් කිරිමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreතම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හකුලාගැනීමට කිසිසේත්ම කටයුතු නොකරන බව ගුරු වෘත්තීය සමිති සඳහන් කර තිබේ.
Read Moreකිරිපිටි, ගෑස්, පාන් පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීම සම්බන්ධව කිසිදු තීරණයක් ඊයේ (05 දා) පැවැති කැබිනට් රැස්වීමේදී ගෙන නැත.
Read Moreඔක්තෝබර් අවසානයේදී ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු වන වැඩිහිටි ජනගහනයෙන් 70%කට පූර්ණ එන්නත ලබා දීමෙන් පසු දැඩි සීමා ලිහිල් කිරීමට වික්ටෝරියානු බලධාරීන් සැලසුම් කරයි.
Read Moreශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සබඳතා පිළිබඳව කිසිඳු සැකයක් තබා නොගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ ගෘහස්ථ කොවිඩ් ප්‍රතිකාර වැඩපිළිවෙල සාර්ථකත්වයේ සංකේතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය පෙන්වා දෙයි. එය ලෝකයටම ආදර්ශමත් වැඩපිළිවෙලක් ලෙස පෙන්වා දිය හැකි යැයිද ඒ මහත්මිය පැවසුවාය.
Read More