ආයේ පොහොට්ටුවත් සමග ඡන්ද නෑ
මින් ඉදිරියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග නොකරන බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොමැති සන්ධානයක් ගොඩනගන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එසේම වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලනය පිළිබඳව රටම කල කිරිමකට ලක්ව ඇති බවත් පොහොට්ටුව පිළිබඳව කළ කිරීමට පත්නොවූ කිසිවෙක් නොමැති බවත් ඔහු පැවැසීය.
යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
එසේම තමන්ට නොබෙල් සාම ත්‍යාගය ලැබීමට තිබූ අවස්ථාව අහිමි කළේ එවකට ආණ්ඩුවේ සිටි අනිත් පාර්ශ්වය බවත් ඔවුන් නොබෙල් සාම ත්‍යාගය එවකට අග්‍රාමාත්‍යවරයාටද ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින් එය අවුල් කළ බවත් හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

popular news
-
Lelwala Monday, 31 January 2022 02:17 AM
රටට කිසිම වැඩක් නොකර මහජන මුදලින් සුර සැප විදින සිරාට මහජනතාව නැවත බලයට පත් කරයිද?
Reply : 10 2
Deepal Nirosh Monday, 31 January 2022 03:22 AM
ඒ කිව්වෙ 2025 දි ආයෙ හංසයාගෙන්ම ඉල්ලනව කියන එක ද?
Reply : 0 0
Hema Wednesday, 02 February 2022 05:09 AM
WHAT, Nobel Prize, YOU, for WHAT? Crazy
Reply : 1 2
pushpa Wednesday, 02 February 2022 12:41 PM
සිරිසෙන මිනිහා හදන්නේ අයෙත් අපෙ අහිංසක මිනිසුන් මහින්දට කොටු කරන්න ,මම බොරුවට පොහොටිටුවට විරුද්ධව කැ ගහනවා ජන්දය ලැබෙන ප්‍රතිඵල අනුව ඔයාලට සහය දෙනවා අපිට මතකයි දින 57 අගැමැති, එ ගොනා බැදලා සිරියො ගොඩාක් කල්
Reply : 0 0
Don Friday, 04 February 2022 01:59 AM
එපා තනියම තරග කරන්න හෙත්තුවන සක්ක කෑල්ල වන්නට එපා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

