රජය IMF සමග වැඩසටහනකට යන බව බැසිල් කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටනකට යාමට රජය කටයුතු කරමින් සිටින බවත් ඒ් පිළිබඳව වන සාකච්ඡා සාර්ථක බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ෆයිනෑන්සියල් ටයිම්ස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති තත්ත්වය විසඳා ගැනීම සඳහා සෑම කෙනෙකු සමග සාකච්ඡා කරමින් පවතින් බවත් ශ්‍රි ලංකාවට සියලු විකල්ප පිළිබඳව අවධානය යොමුකර ඇති බවත් ඔහු පැවැසීය.
මේ වසරේදී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක ණය පියවීමට පවතින අතර ශ්‍රී ලංකාවට ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න විදෙස් සංචිත ප්‍රමාණයක් පමණි.
මෙම තත්ත්වය කළමණාකරණය අපහසු බවත් ඔහු සඳහන් කරයි. ණය ගෙවීමට මුදල් සොයා ගැනීමට අමතරව ආහාර, ඉන්ධන, අමුද්‍රව්‍ය වැනී දෑ ආනයනය කිරිමට මුදල් සොයා ගත යුතුව ඇතැයිද ඔහු පැවැසීය.
popular news
-
sg Saturday, 29 January 2022 06:05 PM
sarwa arthika prathipaththi yali sakasa ganeemata mole padewa.
Reply : 0 0
rocky Sunday, 30 January 2022 12:00 AM
IMF yannema nehe kiyalaa iellaa kawuru kawuruth kiwuwaa noveda ? Mahaththayo, dan parakku wedi nedda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

