එළියට ආපු එස්.බී. ලංකාවට වූ දේ කියයි
වියට්නාමය, සිංගප්පුරුව වැනි රටවල් රටේ සම්පත් විදේශ ආයෝජකයන්ට දෙමින් දියුණු වූ බවත් ශ්‍රී ලංකාවේ සම්පත් “අපේ දේපල අපේ වස්තුව මේව කාටවත් දෙන්නෙ නැ කියමින් බදාගෙන හිරකරගෙන හිගන්නෝ හැටියට සිටින බව” හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.
එස්. බි. දිසානායක මහතා මේ බව පැවැසුවේ උඩුනුවර පැවැති ආගමික උත්සවයකට එක්වෙමිනි.
“අපට වඩා පහතින් සිටි රටවල් මේ වන විට දියුණු වී ඇත්තේ ඒ රටවල් වල සම්පත් විදේශීය ආයෝජකයන්ට දිමෙන්. සිංගප්පුරුව ප්‍රමාණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට සමානයි. 1965 සිංගප්පුරුව මැලේසියාවෙන් කඩල ගනිද්දි සම්පුර්ණයෙන්ම වැලි කතරක්.
ලී ක්වාන් යූ ඉන්දියාවෙන්, මැලේසියාවෙන් පස් ඉල්ලගෙන වැලි කතර පිරෙවුව ඉන් පස්සෙ ලංකාවෙන් ගස් ටිකක් ඉල්ලගත්ත. ඩඩ්ලි සේනානායක සියලුම ගස් ටික නිකන් සිංගප්පුරුවට දුන්න. අදත් ඒ රටේ තියෙන්නෙ ලංකාවෙන් දුන්නු ගස්.
ජපානයෙන් ජෙනරේටර් ගත්ත මැලේසියාවෙන් නළ දාල ජලය ගත්ත. ඉන් පස්සෙ කිවුව දැන් අපේ රටේ ඉඩං මිලදි අරන් ඇවිත් ආයෝජනය කරන්න කියල.
ඉන් පස්සෙ විදේශකයන් ආයෝජනය කරන්න ආව අද සිංගප්පුරුවෙ එක්කෙනෙක්ගේ වාර්ෂික ආදායම ඩොලර් 64000 යි අපේ 3600යි.
වියට්නාමයේ ගම්මාන 39000 ක් තිබ්බ. ඉන් ගම්මාන 13000 ක් ඇමරිකාව අලු දුවිලි කරල දැම්ම. ඒ වියට්නාමය 1968 චිනයත් එක්ක එකතු වෙලා ආයෝජකයන්ට එන්න කිවුවම ඉස්සෙල්ලම ආවෙ ඇමරිකානුවන්.
වියට්නාමය තොපි එන්න එපා, තොපි පලයල්ල කියල එලොව ගත්තෙ නෑ. බොහොම ආදරෙන් ඇමරිකාව භාරගත්ත. ඒ නිසා වියට්නාමය අද නැගිටිනව. අපි අපේ රටේ සම්පත් ඒව අපේ දේපල අපේ වස්තුව මේව කාටවත් දෙන්නෙ නැ, කියමින් බදාගෙන හිරකරගෙන හිගන්නෝ හැටියට ඉන්නවා”

popular news
-
Mahesh Monday, 31 January 2022 05:20 AM
90% of lands in Singapore are publicly own... වෙන වචනයකින් තියනවානම් රජය අයිතියි...
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

