දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටින 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව දැවන්ත විරෝධතාවක් අද (30) යාපනයේදී සංවිධානය කොට තිබුණි.
දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් මෙම විරෝධතා වැඩසටහන සංවිධානය කොට ඇති අතර එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගංජෙන්ද්රකුමාර් පොන්නම්බලන් මහතාගේ නායකත්වයෙන් මෙම විරෝධතාව පැවැත්විණ.
විරෝධතාවය යාපනයේ හිටපු මහවිරුවෙකු වූ තිලීපන් නැමත්තගේ පිළිරුව ඉදිරිපිටින් ආරම්භ කොට විරෝධතා පාගමනකින් යාපනය කිට්ටු උද්‍යානය දක්වා ගොස් එහි ජන හමුවක් පවත්වන ලදී.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයට බලකරන ලෙසට දෙමළ ජාතික සන්ධානය, ඉගංගෙයි තමිල් අරුසකච්චි, තමිල් මක්කල් කූට්ටනී, ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට්, ටෙලෝ සහ දෙමළ ජාතික පක්ෂය යන පක්ෂ 7 ක නායකයින් විසින් පසුගියදා විශේෂ ලිපියක් ඉන්දීය අග්‍රාමාත්‍ය වරයා වෙතට මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය මගින් ලබා දීමට පියවර ගැනීමත් සමග දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් මෙලෙස දින කිහිපයක් පුරා විරෝධතා පවත්වා අද දින දැවන්ත ජනහමුවක්ද සංවිධානය කොට තිබුණි.
විරෝධතාවයේ නිරත වූවන් පවසා සිටියේ,
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමෙන් දෙමළ ජතාවට කිසිදු විසඳමක් නොලැබෙන අතරම 13 ට එහා ගිය බලයක් උතුරු නැගෙනහිර ජනතාවට අවශ්‍යව තිබෙන බවටයි.
ඉඩම් බලතල පොලිස් බලතල වැනි බලයන් පළාත් සභා වෙතට ලබාදීම මගින් උතුරේ ජනතාවට ඉඩම් ගැටලු ඇතුලු ගැටලු සියල්ලකටම විධිමත් විසඳම් ලබා දිය හැකි හෙයින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොකළ යුතු බවටද පැවසූහ.



