saravita-anim2

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 6180 hours ago

LATEST

ආණ්ඩුව තවත් ගැසට්ටුවක් රිවස් කරයි

calendar_today 2021 නොවැ 24 - 10:13 remove_red_eye - 598  

රසායනික පොහොර, කෘමිනාෂක, වල් නාෂක ආනනය සඳහා පෞද්ගලික අංශයට අද සිට යළිත් අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.

යාපනය කොඩිකාමම් පොලිස් වසමට අයත් මන්දුවිල් ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබියදී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුල ආයුධ රැසක් ඊයේ (23) රාත්‍රියේ ගොඩට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

පොලොන්නරුව - මනම්පිටිය මාර්ගයේ ආච්චි බෝක්කුව අසළදී ත්‍රිරෝද රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් බරපතල තත්ත්වයෙන් පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමට ආසන්න නිසා ඒ සඳහා මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීමේ මූලික කටයුතු ආරම්භ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට දන්වා යවා තිබේ.

Read More

එක්සත් ජනපද ග්ලෝබල් තන්ඩර් හමුදා අභ්‍යාසය අතරතුර, ඇමෙරිකානු උපායමාර්ගික බෝම්බ හෙලන යානා 10ක් බටහිර හා නැගෙනහිර දෙසින් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික අවි දියත් කිරීමට පෙරහුරු කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා චෝදනා කරයි.

Read More

කැළණි ගං ඉවුරු යා කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ නව කැළණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) අද (24දා) පස්වරුවේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධාන්තවයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව අද (24) සිට සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

Read More

මෙම ඛේදවාචකයෙන් කුඩා දරුවෙකුගේ මරණයක් වාර්තා වීමත් සමග මෙසේ මරණ සංඛ්‍යාව මියගොස් ඇති අතර, මියගොස් ඇත්තේ 8 හැවිරිදි පිරිමි දරුවෙකු බව කියයි.

Read More

විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියෙකු සිය හෝමාගම ගලවිලවත්ත ශාන්ති මාවතේ නිවස ඉදිරිපිටට එළිය වැටෙන ආකාරයෙන් හොර රහසේ විදුලිය ලබාගෙන තිබිය දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයේ ධාරිතාවයෙන් සියයට 50ක පිරිසකට අවස්ථාව හිමිවන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

පිපිරීම් සිදුවන අවස්ථාවේ සේවකයින් 40 දෙනෙකු පමණ එම ස්ථානයේ සිට ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

Read More

අණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කළා. අපි දැන් කෙටුම්පතක් සකස් කරගෙන යනවා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කරලා එය සාකච්ඡාවට භාජනය කරනවා. ඒ පිළිබඳ අපි රහසිගතව කටයුතු කරන්නේ නැති බව තමුන්නාන්සේලාට මතක් කරනවා.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ දෙකක් , අතරමගදී නවතා , එහි රියැදුරන් දෙදෙනා , බස් රථ දෙකට මාරු වීමේ සිද්ධියක් , ඉකුත් 22 දා උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්‍රදේශයෙන් වාර්තා වේ.

Read More

තුන්වැනි ආසාදන රැල්ලට එරෙහි සටන මධ්‍යයේ, ඔක්තෝබර් අග සිට ඉහළම දෛනික කොවිඩ්-19 ආශ්‍රිත මරණ සංඛ්‍යාවද ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූයේ, මරණ 21ක් ලෙසිනි.

Read More

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ( බී පැකේජය) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් බ්‍රහස්පතින්දා (25) පෙරවරුවේ සුබ මොහොතින් විවෘත කිරීමට නියමිතව තිබේ.

Read More

කොළඹ නුවර මාර්ගයේ නාය යෑමේ අවදානමට ලක්වී ඇති කඩුගන්නාව ප්‍රදේශය යථා තත්ත්වයට පත්කොට වෙළදසැල් නැවත ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ගරු මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ අද (23) පැවති විශේෂ රැස්වීමකදී අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේය.

Read More

CDC සිය සංචාරක අනතුරු ඇඟවීම ’’හතරවැනි මට්ටම, ඉතා ඉහළ’’ දක්වා ඉහළ නැංවූ අතර, ඇමෙරිකානුවන්ට මේ කිසිම රටකට සංචාරය කිරීමෙන් වළකින ලෙස නිර්දේශ කර තිබේ.

Read More

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පවරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 2.30 තෙක් වලංගු වෙයි. නැගෙනහිර, උතරුමැද හා ඌව පළාත්වලටත් මුලතිව්, වව්නියාව හා මාතලේ දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත තමා ඇමරිකාවේ තානාපති ධුරයේ වැඩ භාර ගැනීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුලත පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පැවසීය.

Read More

ත්‍රිකුණාමලය කින්නියා කුරුඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරළීමෙන් සිදු වූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (23) පෙරවරුවේ පළාත් පාලන කොමසාරිස් එන්.මනිවන්නන් මහතාට නියෝග කළාය.

Read More

ලබන මස ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග තරගාවලිය හා මේ වන විට ක්‍රියාත්මක ශ්‍රී ලංකා - කොදෙව් ටෙස්ට් තරගාවලිය නැරඹීමට සීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවකට අවසර ලැබෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ අලි සබ්රි රහීම් යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුන්ගෙන ආණ්ඩුවට සහයෝගය පළ කරන බැවින් ඔවුන්ට ආණ්ඩු පක්ෂය පැත්තෙන් අසුන් පනවන ලෙස ඉල්ලීම් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පැවසීය.

Read More

ත්‍රිකුණාමලය, කින්නියාහා කුරුංඤ්ඤකේනි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් සිදුවු අනතුරින් පුද්ගලයන් 6ක් මියගොස් තවත් 20ක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ට බනිනවා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්ට බනිනවා. සභාපතිලා එලවනවා. මේවා නාට්ටි. චීන අශුචි නැවට සල්ලි ගෙවන්න අනුමැතිය ගත්තා. නැනෝ යුරියා මඟඩිය තව නැගලා යනවා. අද කෘෂිකර්ම අමාත්‍යාංශය ටොපේ ටොප්.

Read More

ලබන මාසය තුළ ශ්‍රි ලංකාවට නව ගුවන් සමාගම් 04 ක් සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට නියමිතව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පසුගිය දිනවල නව ගුවන් සමාගම් 04 ක් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කළ බව ද ඇමතිවරයා සදහන් කරයි.

Read More

මෙරට ගෑස් සහ ඛණිජ තෙල් කැනීම් කඩිනමින් සිදු කිරීමට හැකිද නැතිනම් ඊළඟ පාරම් පරාවට ඉතුරු කිරීමට කටයුතු කරන්නේද යන්න බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.

Read More

එසේම ගලයිෆොසෙට් තහනම යළි පැනවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවැසීය.

Read More

මගේ අතින් කාන්තාවන්ට ඇත්ත වශයෙන්ම අපහාසයක් වෙන විදියට වචනයක් පිට වුනා නම් තමයි මම සමාව ඉල්ලන්න ඕන. මම යහපත් සිතින් කියපු දෙයක්. මම වල් නෑ. අහපු මිනිස්සු වල් වුනාට මට කරන්න දෙයක් නෑ. මම කිව්වේ යහපත් සිතින්. කාන්තාවන් මම අපහසුතාවයට පත් කළේ නෑ. කාන්තාවන් අපහසුතාවයට පත් කර ගන්නේ කාන්තාවන් විසින්. මම බටු ගැන කිව්වම කොහොමද කාන්තාවන්ට අපහස වෙන්නේ. මම කියපු පරුෂ වචනය කටින් කියන්න. මම එදාට පිළිගන්නම්.

Read More

වනවිට අනතුර හේතුවෙන් ආපදාවට පත් පුද්ගලයින් 17 දෙනෙකු මුදාගැනීමෙන් අනතුරුව රෝහල් ගත කර ඇති අතර, ඉන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවික්‍ෂයට පත්වී ඇත. තවද, අතුරුදන් වී අනෙක් පිරිස් සොයා නාවික හමුදාව මේ වනවිට මෙහෙයුම් සිදුකරමින් පවතී.

Read More

යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ප‍්‍රධානී මෙරට ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේෂ් නට්රාජ් ජයබාස්කරන් මහතා විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කල පුෂ්පය වන නියගලා මලක් පැළඳ ගනිමින් යාපනයේ මල්පැල් තවානක් විවෘත කිරීමේ සහ පැල බෙදා දීමේ උත්සව අවස්ථාවකට සහභාගි වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.