saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6142 hours ago

LATEST

රාජ්‍ය සේවකයෝ සියයට 80ක් මේ රට කෑවා

calendar_today 2021 නොවැ 17 - 13:21 remove_red_eye - 3089  

’’මේ රට කෑව නම්, කෑවේ දේශපාලනඥයින් 20%යි. රාජ්‍ය සේවකයෝ 80%ක් මේ රට කෑවා” යනුවෙන් මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතා මෙරට රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සිදු කර තිබුණි.

මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ඉන්දියාවේදී මියගිය අංගොඩ ලොක්කාගේ අනන්‍යතාව හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

නාය යෑමේ අවදානමක් හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද (17) දහවල් 12.00 න් පසුව විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසා සිටයි.

Read More

ශ්‍රී ලංකාව තුළ කංසා වගාව ප්‍රවර්ධනය කිරිමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ පවසයි.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අද (17දා) පාර්ලිමේන්තුවේ විරෝධයක නිරත විය. ඊයේ ඔවුන් කොළඹ පැවැත්වූ විරෝධතාවයට පොලිසිය සිදුකළ බාධා කිරිම්වලට විරෝධය දක්වමින් මෙම විරෝධතාව පැවැත්වීය.

Read More

පුද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ.

Read More

සමගි ජන බලවේගය විසින් ඊයේ (16දා) කොළඹ පැවැත්වූ විරෝධතාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සටහනක් ලබාදුන් පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන්නෙකු බවට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ඊයේ (16) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්විය. එම තරගය නිමාවට පත්වූයේ ගෝල 2-1 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායට ජය හිමි කරදෙමින්.

Read More

ශ්‍රී ලංකාවේ නව පරපුරේ ගායිකා යොහානිද සිල්වා එක්වන සංගීත සංදර්ශනයක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය.

Read More

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාදීමේ කටයුතු අද (17) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

Read More

පිලිපීනයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ අධ්‍යක්ෂ ජනරාල් එන්රීක් ඩොමින්ගෝ විසින් මේ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී.

Read More

තමන් ඩුබායිහිදී මිලදී ගත් අත් ඔරලෝසුවේ වටිනාකම ඉන්දී රුපියල් කෝටි 1.5ක් බව ඉන්දී සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

අවදානම් කලාපවල පදිංචිව සිටින බවට හඳුනාගත් පවුල් 12,000 ක් කඩිනමින් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචිකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (16) දින උපදෙස් දුන්නේය.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් ලබන නොවැම්බර් 28 වැනි දා සිට දහම් පාසල් යළි විවෘත කළ හැකි බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසා සිටියි.

Read More

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මධ්‍යම පොලිස් ස්ථානයේ මුරපොලකදී සහ පාර්ලිමේන්තු මාවතේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනෙකු බෝම්බ පුපුරුවා ගත් බවයි.

Read More

ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් මීට සුලු වේලාවකට පෙර පිටව ගොස් තිබේ.

Read More

කොව්ඩ්-19 වසංගතය සමග ජීවත්වීමේ ක්‍රමවේදයට ලෝකය මේ වනවිට යොමුවෙමින් සිටින අතර, ලොව බොහෝ රටවල් මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට යටත්ව සිය රටවල් විවෘත කරමින් සිටියි.

Read More

දූෂණයෙන්, වංචාවෙන් දක්ෂයන්ගෙන් ආණ්ඩුවක් බිහිකර කඩා වැටුනු දේශය ගොඩනැංවීමට සමගි ජනබලවේගය කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (16දා) පැවසීය.

Read More

කොවිඩ් ව්‍යසනයට මුහුණ දෙමින් රට ගොඩනැංවීම උදෙසා වසංගතය මෙන්ම ආර්ථිකයද කළමනාකරණය කිරීම අතිශය වැදගත් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

නොවැම්බර් 9දා සිට ක්‍රියාත්මක වන නවතම ක්‍රියාමාර්ග යටතේ, ගෘහස්ථ හෝ එළිමහනේ කැෆේ සහ අවන්හල් වෙත පැමිණෙන පාරිභෝගිකයන් කොවිඩ්-19 එන්නත් කිරීම හෝ වෛරසයෙන් සුවය ලැබීම පිළිබඳ සාක්ෂි පෙන්වීමට බැඳී සිටී.

Read More

ආණ්ඩුව විනාශ වුණත් ජාත්‍යන්තර අරමුදට මුදල් ලබා ගැනීමට නොයන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. ශ්‍රී ලංකාව මුහුණ දි ඇති අස්ථාවර තත්ත්වයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නා ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

Read More

2026 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට හිමිවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියි

Read More

විශේෂයෙන්ම මේ හරහා ඉරානය වෙත පනවා ඇති සම්බාධක ඉවත්කර ගැනීමටද අවශ්‍ය වටපිටාව සැකසෙනු ඇති බව සඳහන් වේ.

Read More

බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේ සිට නව බස් රථ සේවාවන් 11ක් ආරම්භ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් සිය සහාය දෙන බව ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් සකමොතො තකෙමා මහතා (Sakamoto Takema) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි.

Read More

සමගි ජන බලවේගයේ කොළඹ උද්ඝෝෂයට සහභාගී වීම සඳහා අනුරාධපුරයේ සිට කොළඹට ගමන් කරමින් තිබූ බස් රථ කීපයක් අද (16දා) නොච්චියාගම ප්‍රදේශයේ දී පොලීසිය ආපසු හරවා යැවීමට කටයුතු කිරීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

Read More

පහල කඩුගන්නාව සහ ඊට ඉහළින් ඇති මහනුවර කොළඹ මාර්ගය නාය යාමේ තර්ජනයකට ලක් වීම හේතුවෙන් හා මහනුවර දුම්රිය ගමනය තාවකාලිකව නවතා දැමීම නිසා පැණිදෙණිය ඉන්ධන තොග ගබඩාවට න්ධන ප්‍රවාහනයේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී ඇති බව වාර්තා වේ .

Read More

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (16) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

Read More

මන්නාරම උප්පුකුලම් කොන්තෙයිපිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි වසර 45 කට වඩා පැරණි අබලන් තත්වයේ තිබූ පානීය ජල ටැංකියක් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පුපරවා බිම හෙලීමට යුදහමුදාව විසින් ඊයේ (15) සවස පියවර ගනු ලැබීය.

Read More

[UPDATE] සමගි ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් ගාලු කොළඹ ප්‍රධාන මාර්ගය කොල්ලුපිටිය ප්‍රදේශයෙන් අවහිරවී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.