පාර්ලිමේන්තුව තුළට ගෙන ඒමට අනුමත උපකරණ ලේඛණයෙන් පරිභාහිර උපකරණ ගෙන ඒම මුළු පාර්ලිමේන්තුවේම ආරක්ෂාවට තර්ජනයක් මතුවන බව සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විසින් විදුලි පන්දම් පාර්ලිමේන්තු සභා ගර්භයට ගෙන ඒම සම්බන්ධව සිය විරෝධය පල කරමින් ඔහු මේ බව පැවසීය.
“ගරු කථානායකතුමනි, බරපතළ ප්‍රශ්නයක් ඔබතුමාගේ අවධානයට ගෙන ඒම හා ඒ පිළිබඳ වහා මැදිහත්වීමක් කර තිබෙනවාද නැද්ද? ඉටුකරනවාද? කියන බරපතළ ප්රශ්නය නගන්නේ වරප්‍රසාද යටතේ වුවද පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින්. අද උදේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළත්වන පිවිසුමේදි පොලිසිය විසින් යම් කිසි මන්ත්‍රීවරයෙකුගේ රැගෙන ආපු යම් කිසි භාණ්ඩයක්, උපකරණයක් පොලිසිය විසින් පරීක්ෂණයට ලක් කිරීමට ක්‍රියා කිරීමට ඉල්ලා සිටියදී ඒ පිළිබඳ විශාල වාදයක්, විවාදයක්, ගැටුම්කාරි තත්ත්වයක් මතුවෙලා තියෙනවා. එවැනි උපකරණ ඇතුළට ගෙන ඒම සඳහා, එනම් ලේඛනයේ අනුමත වී නැති, ලේඛනයේ ඇතුළත් නැති උපකරණයක් ගෙන ඒමෙන් සිදුවිය හැකි හානිය බරපතළයි. මොකද එවැනි උපකරණවල අන්තර්ගතය රසායනික විපර්යාසයකට පරිවර්තනය කරන්න පුළුවන්, ගෙනවිත් වෙනම සංයෝග කළොත්.”