මේ අවස්ථාවේ තිබෙන්නේ පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රතිරෝධ නිර්මාණය කරගැනීම නොවෙන බවත් ජනතාව විශාල පීඩනයකට අසහනයකට පත්වී සිටින බැවින් සියලු වාමවාදී දේශප්‍රේමීන් ඊට මැදිහත් මැදිහත්ව කටයුතු කිරීම අවශ්‍ය බවශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි ජේෂ්ඨ සාමාජිකයකු වන ජීවන් කුමාරතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී යාම සම්බන්ධයෙන් අද (24) මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ බව අවධාරණය කළ මහාචාර්යවරයා වැඩිදුරටත් මෙසේ පැවසේ .
“අපගේ පක්ෂයේ කීර්තිමත් ආසන සංවිධායකවරයෙක් අමාත්‍යවරයෙක් විධායක කමිටු නිලධාරියෙක් වන ජීවන ජීවන් කුමාරතුංග මහතාගත් තීරණය සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කළ හැකියි . මේ දිනවල අප කොළඹ දිස්ත්‍රික් සම්මේලනයට සූදානම් වෙමින් සිටින්නේ.
විවේචන වලට සවන් දෙමින් ඒවා නිවැරදි කරමින් කරමින් කටයුතු කිරීමට අප කැමැතියි . ඒ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කණගාටු වෙනවා . එතුමාට ඕනෑම වෙලාවක විවෘතයි අප සමග සංවාදයකට පැමිණ පක්ෂයේ ඉදිරි ගමනට සහයෝගය දැක්වීමට . පක්ෂයෙන් ගිය බොහෝ දෙනා නැවත පක්ෂයට සම්බන්ධව වූවාසේ කුමාරතුංග මහතාත් නැවත සම්බන්ධ වෙයි කියා සිතනවා .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනම පක්ෂ ඇතිවීමට ගිය අවස්ථා බොහොමයක් තිබෙනවා . එස්.ඩී. බණ්ඩාරනායක බෝධි බණ්ඩාරනායක සී. පී. ද සිල්වා වැනි අය පක්ෂයෙන් ගොස් වෙනම පක්ෂ හැදුවා . නමුත් අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඛන්ඩව ඉදිරියට ගියා . ඒ සියලු දෙනාත් නැවත පක්ෂයට එකතු වූවා”
ෂේන් සෙනෙවිරත්න