සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කිරුළපන සරණ පාරේ පිහිටි නිවසේ හිඟ විදුලි බිල වන රුපියල් 12,056,803.38 (එක්කෝටි විසි ලක්ෂ පනස් හය දහස් අටසිය තුනයි සත තිස් අටක) මුදල ගෙවා දමන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
2015 පෙබරවාරි මාසයේ සිට මෙම නිවසට ලබාදුන් විදුලි සැපයුම වෙනුවෙන් ගෙවිය යුතු වූ බිලපත් ගෙවා නැතැයි විදුලි බල මණඩලය ප්‍රකාශ කරයි.
ලංවිම නිලධාරීන් 2021 දෙසැම්බර් 22 දින අමාත්‍යවරයාගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳ සමග මේ පිළිබඳව සාකච්ඡා කර ඇත සවිස්තර වාර්තාවක් ද ඇය වෙත භාර දී තිබේ. යළිත් ලංවිම 2022 ජනවාරි 11 වන දින අමාත්‍යවරයා වෙත මේ පිළිබඳව ලිපියක්ද යොමුකර තිබේ.
නියමිත මුදල කඩිනමින් පියවන ලෙසට අමාත්‍යවරයාගෙන් විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටියි.
ඩේලි මිරර් ඇසුරෙනි