saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 682 hours ago

LATEST

ආසියා යොවුන් මළල ක්‍රීඩා තරගාවලියකදී ලංකාව වෙනුවෙන් ඉහළම දක්ෂතා දැක්වූ කණ්ඩායම එයි

calendar_today 2025 අප්‍රේ 20 - 12:49 remove_red_eye - 163  

සෞදි අරාබියේ පැවති 06 වන ආසියානු යොවුන් මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වයස අවුරුදු 18 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කමක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගෙන මෙතෙක් මෙම තරගාවලියක දී දැක්වූ උසස්ම දක්ෂතා දක්වා 04/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

වතුකරයේ ජනතාවගේ ආදායම් තත්වය ඉහළ දැමීමට නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

පට්ටිපොල පොලිස් වසමේ පැරකුම්පුර හා අඹේවෙල දුම්රිය මාර්ගය පරික්ෂා කිරීමට ගොස් සිටි දුම්රිය කාර්ය සහයකවරයෙකුඊයේ (19දා) අලුයම් කාලයේදී කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියක ගැටී මියගොස් ඇති බවට පට්ටිපොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

දළඳා වන්දනාවට පැමිණීමේදී විශාල ප්‍රමාණයේ ගමන් මලු රැගෙන ඒමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි.

Read More

“සිරි දළදා වෘන්දනාව” වෙනුවෙන් බැතිමතුන්න් පැමිණීමේ විශාල වර්ධනයක් ඇති බවත් අද දිනයේදී විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

වත්මන් රජයට තිබූ ජනවරම සහ ප්‍රසාදය මේ වන විට අඩු වෙමින් පවතින නිසා රට පුරා වත්මන් රජයේ පාලකයින් බොරු පොරොන්දු ලබා දෙමින් පවතින බව විපක්ෂ නායක සංජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

පහ වසර ශිෂ්‍යත්වය වෙනුවෙන් උපකාරක පංති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය තම පෞද්ගලික ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් පොලීසිය භාවිත කිරීම ගැන විමර්ශනයක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

Read More

දළදා වන්දනාව සඳහා දිවයිනේ සෑම ප්‍ර දේශයකින්ම අනපේක්ෂිත ලෙස පැමිණෙන විශාල බැතිමතුන් පිරිස වෙනුවෙන් මහනුවර නගරය පුරා සුදානම් කර තිබු ජංගම වැසිකිළි ප්‍රමාණය ප්‍රමාණවත් නොවු හෙයින් තවත් ජංගම වැසිකිලි 30 ට අධික ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පැවසිය.

Read More

පැවති ධාරාණිපාත වර්ෂාව නිසා අද19 අලුයම බෙරගල වැල්ලවාය මාර්ගයේ පහළ විහාරගල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට විශාල ගල්කුළු සමග පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

Read More

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී ඊයේ (18දා) රාත්‍රී පහරදීමක් හේතුවෙන් රෝහල් ගත කල පුද්ගලයෙකු මියගොස් ඇති බවට ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

පොළොන්නරුව මනම්පිටිය රෝහල පාරේ පිහිටි දේවස්ථානයකට 18 වෙනිදා රාත්‍රී හතයි පහට පමණ එල්ල කල වෙඩි ප්‍රහාරයට සම්බන්ධව මනම්පිටිය දමිළ ගම්මානයේ පදිංචි හතලිස් වියති පුද්ගලයෙකු බෙහෙත් කොටන තුවක්කුවක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.

Read More

කඩවත සිට බණ්ඩාරවෙලට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කුලු කීපයක් මෝටර් රථය මතට වැටීමෙන් දැඩි හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ අධ්‍යස්ථානය පැවසීය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර්. 17 කිම්මං තුඩාව ප්‍රදේශයේදී ලොරියක් පෙරළී යාමෙන් අධිවේගී මාර්ගය මුළුමනින්ම ඇහිරි යාමෙන් කිලෝමීටර් හතරකට අධික දුරක් දැඩි රථවාහන තදබදයක් ඇති විය.

Read More

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවත්වෙන සිරි දළදා දැක්ම අද (18) දින පස්වරු 3.00 සිට ආරම්භ විය.

Read More

අද (18 ) දින සිට මහනුවර ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේ පැවැත්වෙන සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන අතර

Read More

සිරි දළඳා වන්දනාවට අදාළව විශේෂ ආරාධිත අමුත්තන් වෙත නිකුත් කර ඇතැයි හැගෙන පිරිදි ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ආරාධනා පත්‍රයක ආකෘතියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව නිරීක්ෂණය වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

උත්සව සමයේ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 105දෙනෙකු මිගොස් ඇතිබව පොලිසිය සඳහන් කරයි. මාරක රිය අනතුරු 103ක් හේතුවෙන් මෙම පුද්ගලයන් 105දෙනා මිය ගොස් ඇති බව වැඩි දුරටත් සඳහන් වෙයි.

Read More

පිල්ලෙයාන් ත්‍රස්තවාදීයෙක් නම් ජනාධිපති අනුර කුමාර දිසානයකත් ත්‍රස්තවාදීයෙක්. ඒ වගේම පිල්ලෙයාන් දේශ දෝහියෙක් වෙනවනම් අපේ කැප්පෙටිපොළ පොළ නිළමේතුමාට මොකද වෙන්නේ ?. කැප්පෙටිපොළ නිළමේතුමාත් උඩරට ගිවිසුමට අත්සන් කලා.

Read More

ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීමට සමගාමීව කන්කසන්තුරය පොලිස් වසමේ පිහිටි උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල භූමියේ ගොඩනැගිල්ලක් තුළ උතුරු පළාත් අපරාධ කොට්ඨාසය ඊයේ (17දා) වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් විවෘත කර තිබේ.

Read More

ඉන්දික හේවාවිතාරණ පාස්කු උත්සවයේ දේවමෙහෙයන් පැවැත්වෙන අද (18දා) හා 20 වැනි දින විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

අද (18දා) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වේගවත්ව අලුත් දිශානතියක් ඔස්සේ සිදු කරමින් තිබෙන බවත්, මෙම විමර්ශන ක්‍රියාත්මක වන විට පිරිසක් දැඩි ලෙද කලබල වී තිබෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ‘අද’ පුවත්පතට පැවසීය.

Read More

ලබන මස 06දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

මෙවර දළදා වන්දනාවේදී විශේෂිත පුද්ගලයන්ට (වී.අයි.පි) පාස් නිකුත් කිරීමක් සිදු නොකරන බවත් විදේශ තානාපතිවරුන්ට සහ මහා සංඝරත්නයේ කොටසකට දළදා වන්දනාවට පහසුකම් සලසා ඇති බවත් දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගෙන් 95% ක්ම සාමාන්‍ය බැතිමතුන්ට අවස්ථාව සලසා දෙන බව මහනුවර සහ මාතලේ ප්‍රදේශ බාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසයි.

Read More

පාස්කු ඉරුදින ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරීම සඳහා වත්මන් රජය ඇතැම් ධනාත්මක පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව 2025 පාස්කු දිනය සඳහා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

වැලිකඩ පොලිස් බාරයේ සිටියදී මරණයට පත් වු බව කියන බදුල්ල මීගහකිවුලේ සත්සර නිමේෂ් නමැති තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට පත් කළ විශේඥ ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයේ තොරතුරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතාට රහස් පොලිසිය දැනුම් දුන් අවස්ථාවේදී බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටදී එම තරුණයාගේ මෘත දේහය ලබන 23 වැනිදා ගොඩගැනීමට මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට අද (17) අවසර දුන්නේය.

Read More

මෙවර සිරි දළදා දැක්ම වෙනුවෙන් පැමිණෙන බැතිමතුන් සඳහා ආහාර ලබා දීම සඳහා දන්සැල් 310 ක් ලියා පදිංචි වී තිබෙන බව මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ මහතා පැවැසීය.

Read More

මෙවර ජාතික වෙසක් උත්සවය මැයි මස 10 දින සිට 16 වැනි දින දක්වා නුවරඑළියේදී පැවැත්වීමට පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම උතුර, කිරන්චි මුහුදු ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 16 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙණ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

Read More

වසර දාසයකට පසු අද (18) ආරම්භ වීමටනියමිතසිරි දළදා වන්දනාව සඳහා දුර බැහැර ප්‍රදේශවල බැතිමතුන් දින දෙකක් තිස්සේ පෝලිම් වල රැඳී සිටින අයුරු දැකගත හැකි විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.